ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තාට අයත් අති සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් පෙරේදා 10 රාත්‍රී සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
එම මෝටර් රථ දෙකේ වටිනාකම රුපියල් කෝටි 5ක් පමණ වන බව පොලීසිය සඳහන් කරයි. එම මෝටර් රථ ද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් ඒවා බවට මේ වනවිට අනාවරණ වී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය. මීට දින කිහිපයකට ඉහත දී ශිරාන් බාසික් නමැත්තාට අයත් වැල්ලවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී අවන්හලක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් තහනමට ලක් කෙරිණි.
ශිරාන් බාසික් නමැත්තාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස එම මෝටර් රථ දෙක සොයා ගැනිනි. මෝටර් රථ දෙකෙන් එකක් කොළඹ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කරන ස්ථානයකට විකිණීම සඳහා බාර දී තිබියදී සහ අනෙක් මෝටර් රථය කොළඹ ප්‍රදේශයේම නිවසක සඟවා තිබියදී එම කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිය බාරයට ගෙන තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරින් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම බිමල් ජයසිංහ