ඩුබායි ඩීසල් නැව ඩොලර් නැතුව තෙපරබායි : ප්‍රමාද ගාස්තුත් හොඳටම නගී

249

ඩුබායිහි කොරල් එනර්ජි සමාගමෙන් කොළඹ වරායට ඉකුත් 16 වැනිදා ගෙන්වාගත් මෙටි්‍රක් ටොන් හතළිස්දහසක් අඩංගු ඩීසල් නෞකාව නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 52ක මුදලක් නොමැති නිසා එය තාමත් ගොඩබා ගැනීමට නොහැකි වී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

මේ වනවිට ප්‍රමාද ගාස්තු, වරාය ගාස්තු හා රක්‍ෂණ ගාස්තු ආදිය සඳහා පමණක් ඩොලර් එක්ලක්‍ෂ අනූඅටදහසක මුදලක් ද අමතරව ගෙවීමට සිදුව තිබෙන බව සංස්ථා උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මෙරට ඉන්ධන අර්බුදය විසඳීම සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ මෙම ඩීසල් නෞකාව ඇණවුම් කළ බවද හෙතෙම කීය.

මේ වනවිට ඉදිරි කාලයට අදාළව ඉන්ධන ඇණවුම් කළත් ඩොලර් සොයා ගැනීම ගැටලුවක් වී ඇතැයි ද එනිසා තිබෙන සීමිත සංචිත වෙළෙඳපොළට නිකුත් කරන්නේ සීමා සහිතව බවද එම නිලධාරියා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment