ඩුබායි සිට එද්දී ඇල්ලූ කොල්ලුපිටිය මාරක අනතුරේ රියැදුරු රිමාන්ඩ්

222

පසුගිය 10 වැනිදා අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරකු මරණයට පත් කළ රිය අනතුර සිදු කළ මෝටර් රථයේ රියැදුරු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ රථ වාහන මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා ඊයේ (13 දා) නියෝග කළේය.

අනතුර සිදු වූ දිනම උදෑසන ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටි මොහොමඩ් ඉෂාඩ් මොහොමඩ් රයිසෝල් නමැති 26 හැවිරිදි එම සැකකරු ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී ඊයේ (13 දා) උදෑසන කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබිණි. කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු යැයි කියන එම සැකකරු තවත් පිරිසක් සමඟ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී එකී ත්‍රීරෝද රථයේ ගැටී ඇති බවත් ඒ වනවිට අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථය ඔහු පදවා ඇත්තේ බීමතින් බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත් පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක, ටෝනි කරුණානායක සහ ටී. කේ. ජී. කපිල – ගුවන්තොටුපළ

advertistmentadvertistment
advertistmentadvertistment