ඩුබායි හි පැවති 2020 එක්ස්පෝ ශී‍්‍ර ලංකාවේ නර්තනය

567

ශී‍්‍ර ලංකාවේ එක්ස්පෝ ජාතික දිනය 2020 වර්ෂයේ ජනවාරි 03 වැනි දින ඩුබායි හි පැවති එක්ස්පෝ 2020 ප‍්‍රදර්ශනය අතරතුර දී අල් වස්ල් ප්ලාසා හිදී සමරන ලදී. ශී‍්‍ර ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් දූත පිරිසට ඇතුළත් වූ සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, මැණික් හා ස්වර්ණාභරණ ආශි‍්‍රත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මධුර විතානගේ, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි ශී‍්‍ර ලංකා කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න මහතා යනාදීහු එක්ස්පෝ 2020 ප‍්‍රදර්ශනයේ ජාතික දින නිල උත්සවයට සහභාගි වූහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දූත පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍ය අහමඩ් අලි අල් සයේග් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමන්විත විය. එහිදී පැවති ශී‍්‍ර ලංකා සංස්කෘතික දැක්මේ අවස්ථාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment