ඩෙංගු එක්ක ‘සිකා’ පැතිරෙයි තත්ත්වය ඉතා නරකයි

342

 ඩෙංගු සමග ‘සිකා’ වෛරසය ඉදිරි මාස කීපයේදී දිවයින පුරා පැතිරී යෑමේ අවදානමක් තිබෙන බව රජයේ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයමිණි මිගෙල්හේවා මහතා අනතුරු අ`ගවයිx
 
 අසල්වැසි ඉන්දියාවේ ‘සිකා’ වෛරසය පැතිරී යන බවත් මෙරට මහා පරිමාණ වැඩබිම් ආශි‍්‍රතව ඉන්දියානුවන් විශාල පිරිසක් සේවය කරන බවත් වැඩ බිම් ඩෙංගි කීටයින් බෝවන ආකර බවට පත්ව තිබෙන බවටත් කළ කීට විද්‍යාත්මක සමීක්‍ෂණවලදී තහවුරුවී තිබෙන බව ද ඔහු පැවැසීය දිවයිනේ ප‍්‍රධාන නගර සහ තදාසන්න ප‍්‍රදේශවල කළ කීට විද්‍යාත්මක සමීක්‍ෂණවල දී ඩෙංගි රෝග ප‍්‍රධාන වාහක ඊඩිස් ඊජිප්ටයි මදුරු කීට ඝණත්වය ඉහළ ගොස් තිබෙන බවත් දිවයිනේ සියලූම ප‍්‍රදේශවල ඊඩිස් ඇල්බොපික්ටස් මදුරු කීට ඝණත්වය ඉහළ ගොස් තිබෙන බවත් ඔහු කීවේය
 
 මේ අනුව ඉදිරි මාස කීපයේ දී දිවයින පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා පැතිර යෑමේ අවදානමක් තිබෙන බව සභාපති මිගෙල්හේවා මහතා අනතුරු අ`ගවයිx ‘සිකා’ වෛරසය ඉහත මදුරුවන්ගෙන්ද අපිරිසිදු ජලයේ බෝවන බරවා රෝග වාහක මදුරුවන් ඇතුළු මදුරුවන් ගණනාවක් ම`ගින් බෝවන බවට විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරුවී තිබෙන බව හෙතෙම පැවැසීය
 
 ‘සිකා’ වෛරසය ලිංගික හැසිරීම්වලින් මෙන්ම මවගෙන් දරුවාට බෝවන බවට ද හඳුනාගෙන ඇත මදුරුවාගේ කීට සහ පිලවා අවස්ථාවන්වලදී සිදු කළ පර්යේෂණවලදී ‘සිකා’ වෛරසය හඳුනාගෙන තිබෙන බව ද පැවැසීයx ඉදිරි මාස කීපයේදී ඩෙංගි සම`ග ‘සිකා’ වෛරසය රට ගිල ගැනීමේ අනතුරක් තිබෙන බව කී ඒ මහතා ‘සිකා’ වෛරසය දිවයිනේ පැතිර යෑමේ අවදානම පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ ආරම්භ කළයුතු බවද පැවැසීය

මාතලේ – විශේෂ නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment