ඩෙංගු නුවර යයි

249


මෙතෙක් දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කය අභිබවමින් මහනුවර දිස්ත්‍රික්කය වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන දිස්ත්‍රික්කය බවට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි .
මෙම මාසයේ ගත වූ මුල් දින 22 තුළදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 521 දෙනෙකු වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයන් රෝගීන් 475 දෙනෙකු වාර්තා වී තිබේ . මෙම මාසය තුළ මෙතෙක් ඩෙංගු රෝගීන් 2983 දෙනෙකු වාර්තා වී ඇති බව එම අංශය කියයි.
තු ඩෙංගු මදුරු කීට ඝනත්වය වන බ්‍රිටෝ දර්ශකයේ 5ක අගය ඉක්මවා 15ක් දක්වා වන අගයක් පෙන්නුම් කරන අතර පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර අවට පරිසරය ශුද්ධ පවිත්‍රව තබා නොගතහොත් එය ඉදිරියේදී තවත් ඉහළ යාමට ඉඩ ඇති බව ඔහු කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment