ඩෙංගු පාලනය කරන බැක්ටීරියාවක්

643

ශ‍්‍රී ලංකාව තුළ ද නියමු ව්‍යාපෘතියක් ලෙස  නුගේගොඩ හා දෙහිවල ප‍්‍රදේශවලට වොල්බැකියා ආසාදිත ඩෙංගුවාහක මදුරුවන් මුදාහැර ඇත

 ඩෙංගු රෝගය පාලනය සඳහා නව ක‍්‍රමවේද සොයා යෑමට විද්‍යාඥයෝ නිරතුරුව කරන ලද උත්සාහයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස නවතම ක‍්‍රමවේදයක් ඉදිරිපත්ව ඇත. එහි ‘ සිදුකරනු ලබන්නේ ඩෙංගු රෝගවාහක ඊඩිස් ඊජිප්ටයි මදුරුවන්ගේ ආහාර මාර්ග තුළ වොල්බැකියා (wolbachia)  නම් වන බැක්ටීරියා විශේෂයක් වර්ධනය වීමට ඉඩ හැරීමය.

 සාමාන්‍යයෙන්් ඊඞීස් ඊජිප්ටයි මදුරුවා තුළ එම බැක්ටීරියාව දක්නට නැත. ඩෙංගු වෛරසය රෝගියකුගේ රුධිරය හරහා මදුරුවාගේ අහාර මාර්ගයට ඇතුළු වූ විට වෛරසය ආහාර මාර්ගයේ ඇතුළත බිත්තිවල වර්ධනය වේ. එහෙත් වොල්බැකියා බැක්ටීරියාව මදුරුවාගේ ආහාර මාර්ගය තුළ වර්ධනය වී සිටීනම් ඩෙංගු වෛරසය ඒ තුළ වර්ධනය වීමට හැකියාවක් නොලැබේ.

 එවිට එම මදුරුවා ඩෙංගු වාහක මදුරුවෙකු බවට පත් නොවේ. රසායානාගාර තුළ ” වොල්බැකියා බැක්ටීරියාව ආසාදිත ඩෙංගු මදුරුවන් බෝකර ඔවුන්ව පරිසරයට මුදා හැරීම මගින් වෛරසයට ඔරොත්තු දෙන (resonant) මදුරු ගහනයක් ඇති කිරීම විද්‍යාඥයින්ගේ

 අරමුණ වී ඇත. වොල්බැකියා බැක්ටීරියාව සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ අනෙකුත් ඩෙංගු මදුරුවන්ට ද ආසාදනයවන අතර මිනිසාට අහිතකර රෝග තත්ත්ව ඇති කරනු නොලබයි. වොල්බැකියා බැක්ටීරියාව ආසාදනය මදුරු ගහනය තුළ ක‍්‍රමයෙන් පැතිර ගියහොත් ඩෙංගු වෛරසයට ඔරොත්තු දෙන මදුරුවන් ප‍්‍රමාණය වැඩි වී ඩෙංගු පැතිරීම පාලනයවන බව ඔප්පු වී ඇත. දැනට ඇමෙරිකාව, ඔස්ටේ‍්‍රලියාව හා ඉන්දුනීසියාව මෙම ක‍්‍රමවේදය සාර්ථකව අත්හදා බලා ඇත.

 ශ‍්‍රී ලංකාව තුළ ද නියමු ව්‍යාපෘතියක් ලෙස නුගේගොඩ හා දෙහිවල ප‍්‍රදේශවලට වොල්බැකියා ආසාදිත ඩෙංගුවාහක මදුරුවන් මුදාහැර ඇත.

 කැලේ ගසක් නසන්නට කැලේ ගසක් වුවමනා බවට පිරුළක් ඇත. එවැනිම ක‍්‍රමවේදයක් හරහා බැක්ටීරියාවක් (වොල්බැකියා) යොදාගෙන ඩෙංගු වෛරසය පාලනය කිරීමට නුදුරේම හැකිවන බවට සාක්ෂි සාධක ලැබෙමින් පවතී.

ඩෙංගු පාලනය කරන බැක්ටීරියාවක්

advertistmentadvertistment
advertistmentadvertistment