ඩෙංගු රෝගීන් ගණන 50,000 ට ළං වෙයි

120

මෙරට ඩෙංගු ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ (12 දා) වනවිට පනස්දහසේ සීමාවට ආසන්නව ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එය ඉකුත් වර්ෂයකට සාපේක්ෂව ඉහළ අගයක් ගෙන ඇති බවත්, මෙම වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයින් 49,653 ක් වාර්තා වී ඇති බවත් එම ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටී.

මෙම මාසයේදී පමණක් ඩෙංගු ආසාදිතයින් 2,791ක් වාර්තා වී තිබෙන බවත් පවසන විශේෂඥ වෛද්‍යවරයා ඩෙංගු මෙන්ම මී උණ රෝගය ද දැඩිව ව්‍යාප්ත වෙමින් පවතින බව ද කියයි.

මේ දිනවල පවතින වරින්වර වැසි ඇතිවීමේ තත්ත්වය තුළ ඩෙංගු සහ මී උණ හිස එසවීම සිදුවන බැවින් ඉන් වැළකීම සඳහා ගත යුතු සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රියාමාර්ග වෙත යොමු වන ලෙස විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment