ඩෙංගු වසංගත තත්ත්වයක්

282

රට පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටී.
පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ඩෙංගු උණ රෝගීන් 2021 ක් ද නොවැම්බර් මාසයේ මුල් දින හතර ඇතුළත රෝගීන් පන්සියයකට වැඩි පිරිසක් ද හමුවූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියයි.
එබැවින් බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල අද (08) සිට ලබන සෙනසුරාදා දක්වා දින 06ක ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පවසයි.

බස්නාහිර හා නැගෙනහිර පළාත්වල තෝරාගත් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 59ක එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය.

සෞඛ්‍ය සේවකයින්ල පොලීසියල ත්‍රිවිධ හමුදාව පොලීසිය හා ස්වේච්ඡා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් එම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක බව ද සමරවීර මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment