ඩෙංගු ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර ගන්න – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උපදෙස්

87

ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (09) සියලු පළාත් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දුන්නේය.

ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍යතාව අනුව, ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහාය ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇත.

ගෙවී ගිය සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 1896ක් වාර්තා වී ඇති අතර සමස්ත රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එය ආසන්න ප්‍රතිශතයක් ලෙස 49% ඉක්මවා ඇත.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 21%ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 18%ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 7%ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත. ඒ අතරින් කොළඹ මහ නගර සභා ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3.4%ක් වාර්තා වී තිබේ.

මීට අමතරව ත්‍රිකුණාමලය, මඩකලපුව, මහනුවර, ගාල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවලින්ද සැළකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment