ඩෙංගු වැඩිවෙයි රෝගීහු 29000 ක් මරණ 15 ක්

123

පවතින වැසි තත්ත්වය හමුවේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රකාශකයෙක් “දිවයින”ට ඊයේ (28 දා) පැවසීය.

ඒ අනුව මේ වනවිට මේ වසරේදී දැනට දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විසිනව දහසක් (29,000) වාර්තා වන බවත් ඩෙංගු මරණ 15 ක් වාර්තා වන බවත් හෙතෙම කීය.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත් එම ප්‍රමාණය සියයට 49 ක් බවත් හෙතෙම පැවැසීය.

එයිනුත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් බවද ඔහු කීය. මේ වනවිට බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 14,000 ක් වාර්තාවන බවද හෙතෙම කියා සිටියේය. මීට අමතරව ත්‍රිකුණාමලය හා මඩකලපුව ප්‍රදේශවලින් ද ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන බවද හෙතෙම කීය. මේ අතර උණ රෝගයෙන් පෙළෙන්නේ නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්නැයි හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම පවතින වැසි තත්ත්වය හමුවේ තම නිවාස පරිශ්‍ර, පාසල්, වැඩබිම්, කර්මාන්ත පිරිසිදුකර ගන්නැයිද හෙතෙම ඉල්ලා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment