ඩෙංගු ශ්‍රමදානය මැද අලකලංචියක්: කසළ ගොඩට ගිනි තැබුවාම කාන්තාවකට වෙඩි වදී

883

ගෝනගංආර පොලිස් වසමේ ඉකුත් 25 වැනිදා ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන ශ්‍රමදානයක දී කසළ ගොඩක් ගිනි තැබීමේ දී එහි තිබූ බෙහෙත් කොටන තුවක්කුවක් පත්තු වී කාන්තාවකට තුවාල සිදුවී ඇතැයි ගෝනගංආර පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ගෝනගංආර දියකිරිත්ත පදිංචි ටී.එම්. මාලනී (42) නමැති සිව්දරු මවකි.

එදින පැවැති ඩෙංගු මර්දන ශ්‍රමදානයේ දී ඇයගේ නිවස අසල තිබූ කසළ ගොඩකට ගිනි තබා ඇති අතර කිසියම් අයකු විසින් එහි සඟවා තිබූ බෙහෙත් කොටන තුවක්කුවක් එහිදී පත්තු වී ඇයගේ වම්පාදයට තුවාල සිදුවී ඇත.

මේ වන විට ඇය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඇයගේ පවුලේ සාමාජිකයකු බෙහෙත් කොටන තුවක්කුව කසළ ගොඩේ සඟවා තබන්නට ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.

ගෝනගංආර පොලිස් ස්ථානාධිපති වසන්ත බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment