ඩෙංගු හා සිකා මදුරුවන් මිනිසුන්ට ආකර්ෂණය වන අයුරු හෙළි වේ

321

ගෝලීය සෞඛ්‍ය තර්ජනයක්ව පවතින ‘ඩෙංගු’ හා ‘සිකා’ යන රෝග පතුරුවන ඩෙංගු මදුරුවන් මිනිසුන් හා මීයන්ගේ ශරීරවලින් නික්මෙන සුවඳට ආකර්ෂණය වීම නිසා ඔවුනට වැඩි වශයෙන් දෂ්ඨ කිරීමට පෙළඹී ඇති බව චීනයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබේ.

ඩෙංගු හා සිකා රෝගවලට ගොදුරු වන මිනිසුන් හා මීයන් තුළ වර්ධනය වන “ඇසිටෝපෙනොන්’ නමැති සුවඳ අණුවට ආකර්ෂණය වන අදාළ රෝග පතුරුවන ඩෙංගු මදුරුවන් එම රෝගවලින් ආසාදිතයන්ට නැවත දෂ්ඨ කිරීමට පෙළඹෙන බව චීන විද්‍යාඥයෝ පවසති. මෙම ඇසිටෝපෙනොන් නමැති සුවඳ අනුව වර්ධනය වීම වැළැක්විය හැකි ප්‍රතිකාරයක් සොයාගැනීමට අදාළ විද්‍යාඥයන් පිරිස මේ වන විට පර්යේෂණ කරගෙන යන බව වාර්තා වී තිබේ. චීනයේ බීජිං නගරයේ පිහිටි සින්ග්හුවා විශ්වවිද්‍යාලය, රෝග නිවාරණය හා පාලනය පිළිබඳ චීන මධ්‍යස්ථානය ඇතුළු චීනයේ පවතින විද්‍යාගාර ගණනාවකට අයත් විද්‍යාඥයන් පිරිසක් විසින් මෙම පර්යේෂණය සිදු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment