ඩෙල්ටා ආසාදිතයෝ 20 ක් රටපුරා – ඒ අතර කොග්ගල ඇගලුම් සේවිකාවකුත්

209

ශීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වන ඉන්දියානුි‘ඩෙල්ටා’’ කොවිඞ් ප‍්‍රභේදය ආසාදනය වූ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හල් සේවිකාවක ඇතුළු 14 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ විසින් ඊයේ :04දාෆ වනවිට හෙළිකරගෙන ඇත.

මෙමි‘ඩෙල්ටා’’ කොවිඞ් ආසාදිතයන් කොළඹල ගාල්ලල මාතරල ති‍්‍රකුණාමලය යන දිස්ත‍්‍රික්ක වලින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛස හේමන්ත හේරත් මහතාිදිවයින’ ට පැවැසීය.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ පළමු වතාවට කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලූම් කම්හලක සේවය කරන කාන්තාවකට කොවිඞ් වෛරසයේ ඉන්දියානුි‘ඩෙල්ටා’’ ප‍්‍රභේදය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප‍්‍රකාශකයෙක්ිදිවයින’ ට පැවැසීය.

රත්ගම පන්විල පදිංචි 33 හැවිරිදි මෙම කාන්තාව අසනීප තත්ත්වයක් නිසා ඉකුත් 22 වැනිදා ප‍්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත්වීමට ගිය අවස්ථාවේ කරන ලද පීග සීග ආර්ග පරීක්‍ෂණයේදී කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගැනීම නිසා හබරාදුව මීපේ රෝහලේ නිරෝධායන ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර ඇයගේ සාම්පල වැඩිදුර පරීක්‍ෂණ සඳහා ජයවර්ධනපුර විශ්වවිසාලයේ රසායනාගාරය වෙත යවා ඇත.

එහි වාර්තාව පෙරේදා :03දාෆ ලැබී ඇති අතර ඇයට ඉන්දියානු ඩෙල්ටා ප‍්‍රභේදය වැළඳී ඇති බවට එම වාර්තාවෙන් තහවුරු වී තිබෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.

රත්ගම සෞඛ්‍ය වෛස නිලධාරිනි තනුජා ජයතුංග මහත්මියගෙන් විමසූවිට කියා සිටියේ මේ වනවිටත් ඇයගේ නිවසේ සියලූදෙනාම නිරෝධායනයට යොමුකර සිටින බවයග ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසන්වූ පසු යළි පීග සීග ආර්ග පරීක්‍ෂණයකට යොමු කරන බවත් එම ප‍්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සියලූ පියවර ගෙන තිබෙන බවත් ඇය පැවසුවාය.

හබරාදුව සෞඛ්‍ය වෛස නිලධාරි ප‍්‍රමෝද් සිරිවර්ධන මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූවිට කියා සිටියේ කම්හලේ ඇයගේ පළමුපෙළ ආශ‍්‍රිතයන්ට පීග සීග ආර් පරීක්‍ෂණ සිදුකරනු ලබන අතර මේවනවිට වෙළෙඳ කලාපයේ බොහෝ දෙනෙකුට එන්නත් ලබාදී ඇති බවයග එයට අමතරව මෙම අවස්ථාවේ ක‍්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලූම කම්හල්වලට උපදෙස් මාලාවක් ලබාදී ඇතැයිද හෙතෙම කීය.

‘ඩෙල්ටා’ කොවිඞ් ප‍්‍රභේදය ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ දිවයින පුරා කොවිඞ් රෝගීන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල 140ක් පරීක්‍ෂා කිරීමෙන් පසුවය.

කොළඹ නගර සභා සීමාවල කොලොන්නාවල අංගොඩ යන ප‍්‍රදේශවලින් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් හමුවී තිබේ.

ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයෝ 5 දෙනෙක් මීට පෙර දෙමටගොඩ ආරාමය පෙදෙසින් හා පිළියන්දලින් හඳුනාගනු ලැබූහ.

ඒ අනුව මේවනවිට ඩෙල්ටා ප‍්‍රභේද ආසාදිතයන් 20 දෙනකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිසාල වෛස පීඨයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්තීන් හා ෙසෙල ජෛව පිළිබඳ අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මේ පිළිබඳ පරීක්‍ෂණ කරනු ලැබීය.

ශීඝ‍්‍රයෙන් පැතිරෙන ඩෙල්ටා කොරෝනා වෛරස් ප‍්‍රභේදය මෙරටද පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් එය පැතිරීම වැළැක්වීම සඳහා මහජනතාව දිගටම කොරෝනා මර්දන සෞඛ්‍ය පිළවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කරුණක්ව ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය විශේෂඥයෝ මේ අනුව අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට නිවසින් බැහැර යාම සීමා කිරීම නිවසින් බැහැරව යාමේදී නාසය හා මුඛය හොඳින් ආවරණය වන සේ මුහුණ ආවරණයක් :මාස්ක්ෆ පැළඳීමල එකිනෙකා අතර මීටර් 2ක දුරස්ථභාවයක් පවත්වාගැනීම හා සෙනඟ වැඩිපුර ගැවසෙන තැන් මගහැරීම මෙන්ම නිරතුරුව සබන් හෝ විෂබීජනාශක දියරයක් යොදාගෙන දෑත් හොඳින් සෝදා ගැනීම යන පිළිවෙත් මහජනතාව විසින් දිගටම අනුගමනය කළ යුතුව ඇතැයි අවධාරණය කර සිටිති.

ඒමන්ති මාරඹේ-  ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, අහංගම – සුගතපාල දීයගහගේ, හබරාදුව – එල්. ඒ. ආරියරත්න සහ වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment