ඩෙල්ටා කොළඹින් පිට පළාත්වලත් පැතිරීමේ අවදානමක්

408

මේ වන විට ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය රටේ පිට පළාත්වලට පැතිරීමට පටන්ගෙන ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්තිවේද සහ ෙසෙල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

කොළඹ මේ වනවිට පැතිර යමින් පවතින්නේ ඩෙල්ටා සැර කොවිඞ් වෛරස ප‍්‍රභේදය බවත්, එය සියයට සියයක් තරම් ඉහළ අගයක් ගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙරට සිදුවන සාර්ථක එන්නත්කරණ ක‍්‍රියාවලිය හේතුවෙන් සැප්තැම්බර් මස අවසානය වන විට යම් සහනදායී තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද, ශ‍්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප‍්‍රභේදයක් බිහි වන්නේ දැයි සැකයක් මතුවන හෙයින් ඒ ගැන අධ්‍යයනය කරගෙන යන බවද ඔහු කියා සිටියි.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment