ඩෙල්ටා නිසා විදෙස්හි සිටින ඔස්ටේ‍්‍රලියානුවන්ට යළි පැමිණීමේ තහනමක්

788

රට තුළ ‘ඩෙල්ටා’ කොරෝනා වෛරස් ප‍්‍රභේදය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ පියවරක් වශයෙන් විදේශගතව සිටින ඔස්ටේ‍්‍රලියානු ජාතිකයන්ට නැවත සිය රට පැමිණීම මෙම මස 11 වැනිදා සිට තහනම් කිරීමට ඔස්ටේ‍්‍රලියානු බලධාරීන් විසින් තීරණය කර තිබේ.

 පූර්ව දැනුම් දීමකින් තොරව ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් මෙම මස 11 වැනිදායින් පසු ඔස්ටේ‍්‍රලියාවට විදේශීය රටවල සිට, එරට වැසියකු පැමිණියහොත් ඔහුට හෝ ඇයට රට තුළට ඇතුළු වීමට ඉඩ නොලැබෙනු ඇත.

 කොරෝනා වෛරසය රට තුළ පැතිරීම පාලනය කිරීමේ පියවරක් වශයෙන් ඔස්ටේ‍්‍රලියානු ජාතිකයන්ට ඉකුත් මාර්තු මාසයේ සිට රටෙන් පිටවීම එරට රජය මගින් තහනම් කරනු ලැබීය. ලොව පුරා රටවල් අතුරින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දැඩිම දේශසීමා තහංචි පනවා ඇති රටක් වන ඔස්ටේ‍්‍රලියාව දැනටමත් විදේශිකයන්ට ද එරට පැමිණීම සීමා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment