ඩෙල්ටා ප්‍රභේදය නිසා චීනයේ ප්‍රදේශ රැසකට දැඩි සංචරණ සීමා

153

”‍ඩෙල්ටා ”‍ කොරෝනා වෛරස් ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිරීම හේතුවෙන් චීනයේ අගනුවර වන බීජිං නගරය ඇතුළු ප‍්‍රදේශ ගණනාවක මහජනතාවගේ සංචරණය සීමා කිරීම ඇතුළු දැඩි සීමාවන් පැනවීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.චීනයෙන් ඉකුත් ජුලි මාසය තුළදී ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ රෝග ලක්‍ෂණ සහිත ආසාදිතයන් 328 දෙනකු වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව ඉකුත් පෙබරවාරි මාසයේ සිට ජුනි දක්වා කාලය තුළදී එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවට සමාන බව බලධාරීහු පවසති .
 
 චීනයෙන් වාර්තා වී ඇති ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූවන්ගෙන් 260කට වඩා අධික සංඛ්‍යාවක් එරට නැගෙනහිරින් පිහිටි ජියන්ග්සු පළාතට අයත් නැන්ජින් නගරයේ හටගත් කොරෝනා ආසාදිත පොකුරට සම්බන්ධ බව අනාවරණය වී ඇති අතර මේ හේතුවෙන් පළාතේ ලක්‍ෂ ගණනක ජනතාවක් වෙසෙන ප‍්‍රදේශ ගණනාවක්ම දැඩි ලෙස අගුලූ‍ දැමීමට පළාත් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ .සෞඛ්‍ය බලධාරීන් මේ වන විට මෙම ඩෙල්ටා ප‍්‍රභේදය සම්බන්ධ කොරෝනා ආසාදිත පොකුර මතු වූ නැන්ජින් නගරයේ මිලියන 9.2ක ජනතාව දෙවරක් බැගින් කොරෝනා පරීක්‍ෂණවලට ලක් කර තිබේ.

Videsh
advertistmentadvertistment
advertistmentadvertistment