ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ වේගය වැඩියි

280


ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා රටවල වේගයෙන් පැතිර යමින් පවතින ,ඩෙල්ටා , නව කොරෝනා වෛරස් ප්‍රභේදය දැනට පැතිර ගොස් ඇති සෙසු කොරෝනා වෛරස් ප්‍රභේදයන්ට වඩා සියයට 225ක වේගයෙන් පැතිර යන වෛරස් ප්‍රභේදයක් බව බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් සරසවියේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය හෙලන් චු පවසනුයේ කවුරුන් කුමන කෝණයකින් මෙම වෛරස් ප්‍රභේදය දෙස බැලුවද එය සිතාගත නොහැකි වේගයකින් පුද්ගලයන් අතර පැතිර යන බවයි.

මෙයට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබුනේ ,ඩෙල්ටා , වෛරස් ප්‍රභේදය එංගලන්ත වෛරස් ප්‍රභේදය වන ,ඇල්ෆා , ප්‍රභේදයට වඩා 60 ගුණයක වේගයකින් පැතිරීමේ හැකියාවක් ඇති ප්‍රභේදයක් බවයි .

advertistmentadvertistment
advertistmentadvertistment