ඩෙල්ටා පැතිරීමට වාතයෙනුත් බලපෑම් – බස්නාහිරට දැඩි අවදානමක් – සෑම රෝහලක්ම කොවිඩ් ප‍්‍රතිකාර රෝහලක් වෙයි

216

මේ වන විට මෙරට තුළ ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය පැතිර යන වේගය සියයට සියය දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය විශෙෂඥයෝ සදහන් කරති. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා ස`දහන් කරන්නේ මේ වන විට මෙරටින් හ`දුනා ගන්නා කොරෝනා ආසාදිතයන්ගේ උගුරේ ඉහළ වෛරස් ප‍්‍රමාණයක් පවතින බැවින් එය වාතයට මුසුවීමේ තත්ත්වයක් ද පවතින බවකි.

සාමාන්‍යයෙන් කොරෝනා ආසාදිතයකු හ`දුනා ගැනීමේදී උගුරෙන් ගන්නා සෙම සාම්පල හතළිස් වතාවක් පමණ වර්ධනය කරනු ලබන අතර එහිදී වෛරසය හමු නොවුවහොත් ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවට තීරණය කරන බවද විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා ස`දහන් කළේය.

මෙරට පළමු කොරෝනා රැුල්ලේදී සිදු කළ සෙම සාම්පල පරීක්‍ෂාවන්හිදී 30-33 අතර වාර ගණනක් වර්ධනය කිරීමේදී වෛරසය හ`දුනා ගනු ලැබූ බව කී ඒ මහතා දෙවැනි රැුල්ලේදී 22-24 අතර වතාවක් වර්ධනය කිරීමේදී සෙම සාම්පලවල තිබී වෛරසය හ`දුනා ගනු ලැබූ බවද ස`දහන් කළේය.

ඉකුත් මාර්තු මාසය වන විට සෙම සාම්පල ගෙන වර්ධනය කිරීමේදී එම තත්ත්වය 12-15 අතරදී හ`දුනා ගැනීමට හැකි වී තිබෙන අතර මේ මොහොත වන විට ආසාදිතයකුගේ උගුරෙන් ගනු ලබන සෙම සාම්පලයක් එක්වරක් වර්ධනය කිරීමේදී වෛරසය හමුවන තත්ත්වයක් පවතින බවද විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දුන්නේය.

ආසාදිතයකුගේ උගුරේ පවතින වෛරස් ප‍්‍රමාණය ඉතා අධික බව ඉන් පැහැදිලි වන බවද කී ඒ මහතා කොරෝනා වෛරසය බි`දිති මගින් බෝ වන බව අප ස`දහන් කළද මෙම තත්ත්වය තුළ බි`දිතිවලට අමතරව වාතයේ රැු`දී තිබෙන්නට හැකියාවක් පවතින බවද පැහැදිලි කළේය.

මේවන විට රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ රෝහල් ප‍්‍රතිකාර ලබා දිය යුතු ආසාදිතයන් ප‍්‍රමාණය ක‍්‍රමයෙන් වැඩිවීම හමුවේ සංකූලතා නොමැති ආසාදිතයන් නිවෙස්වල තබා ප‍්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ ඊයේ (09 වැනිදා) සිට කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබීය.

මෙය රට පුරා කි‍්‍රයාවට නැංවෙන අතර රෝහල් ධාරිතාව ඉක්මවා යන තත්ත්වයක් නිර්මාණය වී තිබීමද මෙවැනි කි‍්‍රයාමාර්ගයක් ගැනීමට හේතුවී තිබේ.

වයස අවුරුදු 02-65 අතර රෝග ලක්‍ෂණ පෙන්වන සහ සුළු රෝග ලක්‍ෂණ ඇති ආසාදිතයන් මෙසේ නිවෙස් තුළ තබා ප‍්‍රතිකාර කිරීම සිදුවන අතර වෛද්‍ය අධීක්‍ෂණය යටතේ එම කටයුතු සිදු කිරීමට සැලසුම් සකස් කර ඇත.

කොරෝනා ආසාදිත බවට තහවුරු වන පුද්ගලයන් ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් පරීක්‍ෂා කිරීමෙන් පසු නිවසේ තබා ප‍්‍රතිකාර කිරීමට නිර්දේශ කරන්නේ නම් එසේ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ස`දහන් කරයි. එහිදී දුරකථන මාර්ගයෙන් රෝගියා ලියාපදිංචි කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ නිවසේ ර`දවා තබා වෛද්‍ය අධීක්‍ෂණය යටතට පත් කෙරෙන අතර පැය 24 පුරා කි‍්‍රයාත්මක 1390 දුරකථනය හරහා එම කටයුතු සම්බන්ධීකරණය වේ.

මේ වන විට මෙරට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ ඔක්සිජන් ලබාදීමට සිදුවන රෝගීන් සංඛ්‍යාව සියයට 75 කින් ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ ස`දහන් කරයි. ජුලි මස 19 වැනිදා සිට ක‍්‍රමයෙන් එම තත්ත්වය ඉහළ ගොස් ඇති අතර ඉකුත් 07 වැනිදා වන විට ආසාදිතයන් 602 දෙනකුට ඔක්සිජන් ලබාදීමට සිදුව ඇත.

එසේම මේ වන විට බස්නාහිර පළාතෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් ඉහළ යන තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ. ආසාදිතයන් වාර්තා වූ ආකාරය අනුව පෙරේදා (08දා) පමණක් බස්නාහිර පළාතෙන් ආසාදිතයන් 1491 හ`දුනාගෙන ඇති අතර ඉන් ආසාදිතයන් 832 දෙනකුම කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී ඇත. එයට අමතරව කළුතර දිස්ති‍්‍රක්කයෙන් 320 ක් සහ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයන් 319 හ`දුනා ගත් බවද සෞඛ්‍ය අංශ ස`දහන් කරයි.

මේ වන විට මෙරට පවතින වසංගත තත්ත්වය හමුවේ සිදුවන කොරෝනා මරණ ගණන සංසන්දනාත්මකව බැලීමේදී ඉන්දියාවට සාපේක්‍ෂව දසගුණයකින් වැඩි බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

ප‍්‍රස්තාර සටහන් ද සමගින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති මහාචාර්යවරයා වැඩිදුරටත් ස`දහන් කරන්නේ ගෝලීය දත්ත අනුව මෙරට කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ද ඉන්දියාවට වඩා දසගුණයකින් ඉහළ බවකි.

ඉන්දියාවේ වසංගත තත්ත්වය උච්ඡුතම අවස්ථාවට පැමිණි විට වාර්තා වූ මරණවලට වඩා මේ වන විට මෙරට සිදුවන මරණ ප‍්‍රමාණය ඉහළ අගයක් ගන්නා බවද ඒ මහතා පෙන්වා දෙයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment