ඩෙල්ටා පැතිරීම නිසා ඇමරිකානුවන්ට යුරෝපා රටවල් තහනම්

133

ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙල්ටා ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිර යෑම හේතුවෙන් ඇමරිකානු ජාතිකයන්ට යුරෝපා රටවලට පැමිණීම තහනම් කිරීමට යුරෝපා සංගමය විසින් තීරණය කර තිබේ. මෙහිදී ඇමරිකානු ජාතිකයන්ට අත්‍යවශ්‍ය නොවන සංචාරයන් සඳහා යුරෝපා රටවලට පැමිණීම තහනම් කරන ලෙස යුරෝපා සංගමය විසින් සිය සාමාජික රටවලට නිර්දේශ කර තිබුණද ඇතැම් රටවල් ඇමරිකානුවන්ට සිය රටවලට පැමිණීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

දැනට සති කිහිපයකට පෙර ඇමරිකානුවන්ට යුරෝපා රටවල සංචාරය කිරීම සඳහා අවසරය ලැබී තිබුණද නැවතත් එම තීරණය වෙනස් කර තිබීම හේතුවෙන් යුරෝපා නගරවලට ඉදිරි මාස කිහිපයේදී යෑමට සැලසුම් කර සිටි ඇමරිකානුවන් විශාල පිරිසක් මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ. මේ අතර ඇමරිකාවේ ප‍්‍රාන්ත 26ක් සිය වැසියන්ගෙන් හරි අඩකට සම්පූර්ණ කොරෝනා එන්නත් මාත‍්‍රාවන් ලබා දී ඇතත් එන්නත් ලබා නොගත් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගෙන් මේ වන විට ප‍්‍රාන්ත රෝහල් පිරී ඉතිරී යෑමට පටන් ගෙන ඇති බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment