ඩෙල්ටා පොකුර, ගුරු සායම

170

කොරෝනා රෝගය ආසාධිත වූ ලෝ වැසියන් ප‍්‍රමාණය කෝටි විස්ස ඉක්මවා ගොස් ඇත. ඩෙල්ටා රැුල්ලට ගොදුරුවන ප‍්‍රමාණය දිනෙන් දින ඉහළ යන්නේ කිසිවකු නොපතන ආකාරයටය. ඉන්දියාවේ ඩෙල්ටා රැුල්ල ගැන අපි රූපවාහිනියෙන් දුටුවෙමු. අසරණ රෝගීන් රෝහල් ගේට්ටු ඉදිරිපිට වැටී සිටින ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ද ප‍්‍රචාරය විය. එහෙත් අද කළුබෝවිල රෝහලේ මැද මිදුලේ ද කොරෝනා රෝගීන් පැදුරු දමාගෙන වැතිර සිටින අයුරු දක්නට ලැබෙන විට අපට හැෙ`ගන්නේ කුමක්ද? ඩෙල්ටා ප‍්‍රහාරය නොසිතූ නොපැතූ ආකාරයට පැතිරගොස් ඇති බව නොවේද? හැකි පමණින් ආරක්‍ෂාවීම හැර මෙයින් ගැලවීමට අවස්ථාවක් නම් නැත. පළමු රැුල්ල දෙවැනි රැල්ල මෙන් නොව ඩෙල්ටා ප‍්‍රහාරය අවසන් වන්නේ මරණයෙනි. රෝහල් ධාරිතාව ඉක්මවා යමින් රෝගීන් වාර්තා වනවිට සෞඛ්‍ය සේවකයන්ට පවා කරකියා ගත නොහැකි තත්ත්වයක් මතු වේ. ඇත්තෙන්ම පසුගිය සතියට වඩා මේ සතියේ කොරෝනා රෝගීන් වාර්තා වීම 26% කින් හා මරණ වාර්තාවීම 20% කින් ඉහළ ගොස් ඇත. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ඉහළ යෑම බරපතළ තත්ත්වයකි. පැදුරේ වැතිර හෝ ඔක්සිජන් ආධාරය ලබා ගත නොහැකි වුවහොත් සිදුවන්නේ කුමක්ද? ටික වේලාවකින් සුදු රෙද්දකින් මුළු සිරුරම ඔතා දැමීම පමණකි.

 ඩෙල්ටා රැල්ල ලංකාවට පහර දෙද්දී තවත් පිරිසක් ආණ්ඩුව දණගැස්වීමේ පරමාර්ථය ඇතිව වර්ජනයට එක්ව සිටියි. කොළඹට රථ පෙළපාලිවලින් පැමිණෙති. දේශපාලන උවමනාව මත පමණක් සිදුකරන මේ වර්ජන තර්ජන දෙස සාමාන්‍ය ජනයා බලන්නේ ඉතාම පිළිකුල් ලෙසය. කළු කොඩි ඔසවාගෙන කොළඹට පැමිණි කීදෙනෙක් ගුරුවරුද නැත්නම් වෙනත් දේශපාලන කි‍්‍රයාකාරීන්ද යන්න දන්නා කෙනෙක්, ගුරු වැටුප පරයා ඩෙල්ටා පොකුර දිලෙන බව පෙනී යයි. ගුරු වර්ජනය පිළිබඳ එක් ලොරි රථ රියැදුරෙක් දක්වන අදහස් මාධ්‍ය මගින් ප‍්‍රචාරය විය. ගුරු වර්ජකයන්ට වඩා ඔහු ප‍්‍රබුද්ධයකු බව පැහැදිලිය. වසංගතය හමුවේ රටම අසරණ වෙද්දී මේ කරන්නේ කුමක් දැයි අසන විට ගුරුවරු ප‍්‍රශ්න කරන්නේ ‘ඔබ පාසල් ගියාද?’ යනුවෙනි. රට අරාජිකව විනාශ වුවත් තමන්ගේ වැටුප පමණක් සුරක්‍ෂිත වීමෙන් ලැබෙන යහපත කුමක්ද? ආණ්ඩුව වැට්ටීම වෙනුවෙන් ඔන් ලයින් පංති පැවැත්වීම වර්ජනය කිරීමෙන් අසරණ වන්නේ ලක්ෂ හතළිහක පාසල් සිසුන් මිස ජනපති අගමැති හෝ කැබිනට් මණ්ඩලය නොවේ. එසේම කිසිම පෞද්ගලික පාසලක හෝ පෞද්ගලික විශ්ව විද්‍යා ලයක මාර්ග ගත අධ්‍යාපනය නතරවී නැත. නිදහස් අධ්‍යාපනය සුරැුකිය යුතු යැයි පාර පුරා කෑගසන ගුරුවරු නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට පස්ස හරවා ඇත.

 ගුරු වර්ජනය හරහා ගුරු ගෞරවය ද කෙලසී ඇත. ස්ටාලින්ට ඇති ගෞරවය කෙලසී යාම ගැන අපට ප‍්‍රශ්නයක් නැත. ඔහු ගුරුකම ආවරණයට ගෙන රටට වෙනත් න්‍යායපත‍්‍රයක් කි‍්‍රයාත්මක කරන පුද්ගලයෙකි. කන්දක් උඩට හෝ ගොස් ඔන් ලයින් පංතිවලට සහභාගි වූ දරුවෝ අද උකටලීව බලා සිටියි. කළු අව් කණ්ණාඩි පැළඳගත් ගුරුවරියෝ තමන්ට මන්තී‍්‍ර වැටුප අවශ්‍ය බව දැක්වෙන පෝස්ටර් අල්ලාගෙන ජනපති කාර්යාලය ඉදිරිපිට අව්වේ වේලෙති. ඔන් ලයින් පංතියට නොඑන ගුරුවරිය මහපාරේ පෙළපාලි යන අයුරු දරුවෝ රූපවාහිනියෙන් දකිති. ඇත්තෙන්ම රටේ බලවත් ආර්ථික අර්බුදයක් පවතින විටදී මෙවන් වර්ජන අනුමත කළ හැකිද? රාජ්‍ය සේවකයන්ට වසංගතයක් මැද වුවද රජය කිසිම විටක පඩි භාගයක් ගෙව්වේද? වසංගත සමයේදී පෞද්ගලික ආයතන සේවකයන්ට පඩි භාගයක් ලැබුණද රජයේ සේවකයන්ට නිසි දින තම පඩිය ලැබිණි. රාජ්‍ය ආදායම අවම මට්ටමකට පහළ ගොස් තිබියදී පවා ගුරුවරුන්ගේ වැටුප් නිසි දිනට ලැබිණි. නමුත් දැන් ඔවුහු ්මස් රාත්තලම ඉල්ලා සිටිති. වැටුප් පරයා ඩෙල්ටා පැතිරෙද්දී වර්ජන මැද ගුරු සායමද, ගුරු ගෞරවයද වේගයෙන් දියවී යමින් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment