ඩෙල්ටා ප‍්‍රභේදයෙන් පරිස්සම් වෙමු

79

දැනට ක‍්‍රියාත්මකල කොවිඞ්-19 ට එරෙහි එන්නත්කරණ ක‍්‍රියාදාමය මෙයාකාරයටම පවත්වාගත හැකි වුවහොත්ල ලබන සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන්ම විවෘත කළ හැකි වනු ඇතැයි අනාවැකි පළවන්නේයග අනපේක්‍ෂිත ලෙස බරපතළ තත්ත්වයක් උද්ගත නොවුණහොත්ල සැප්තැම්බරය වන විට රට විවෘත කළ හැකි වනු ඇතැයි අනාවැකි පළවන්නේයග මුලදී යම් යම් අඩුපාඩු හා දුර්වලතා දක්නට ලැබුණදල මෙරට එන්නත්කරණ ක‍්‍රියාවලිය මේ වන විට ක‍්‍රමවත් ලෙස සිදුවන බවක් පෙනෙන්නට ඇත්තේයග පසුගිය දින කිහිපය පුරාම දෛනිකව ලබාදුන් එන්නත් ප‍්‍රමාණය ලක්‍ෂ තුන ඉක්ම වූ අතරල එන්නත්කරණය වේගවත් කොට ඇති බව ඉන් පැහැදිලි වන්නේයග

පසුගිය ජූලි 15 දින වන විටල විවිධ වර්ගයේ එන්නත් මාත‍්‍රා 9ල231ල000ක් මෙරටට ලැබී තිබුණු අතරල තවත් එන්නත් මාත‍්‍රා 14ල200ල000ක් නුදුරේදීම ලැබීමට නියමිත බව වාර්තා වන්නේයග සයිනොෆාම් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 100ක් ශ්‍රී ලංකා රජයේ මුදලින් ඇණවුම් කර තිබෙන බවත්ල ඊට අමතරව තවත් සයිනොෆාම් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 16ක් චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බවත්ල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිල විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා පසුගියදා මාධ්‍යයට පවසා තිබුණේයග ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේල ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මොඩර්නා එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 15ක් පමණ නොමිලයේ ලැබෙන බවත්ල ජපන් රජයේ පරිත්‍යාගයක් ලෙස ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 14ක් පමණ ලැබීමට නියමිත බවත් විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා තවදුරටත් පවසා තිබුණේයග ඒ අනුව බලනා විටල ලබන සැප්තැම්බර් මාසය වන විට හැකි උපරිම පිරිසකට එන්නත් ලබාදීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකියග

පසුගිය ජූලි 21 දින වන විටල ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් සියයට 7ග9කටල එනම් මිලියන 1ග713ක පමණ පිරිසකට එන්නත් මාත‍්‍රා දෙකම ලබාදී තිබුණු අතරල සියයට 28ග2කට නැතහොත් මිලියන 6ග138ක පිරිසකට එන්නත් මාත‍්‍රා එකක් හෝ ලබාදී තිබුණේයග ජූලි මාසය අවසන් වන විටල බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි හැම කෙනකුටම එන්නත් ලබාදීම රජයේ ඉලක්කය වී ඇති අතරල සෙසු පළාත්වල එම ඉලක්කය සපුරා ගැනීමට බලාපොරාත්තු වන්නේ අගෝස්තු මාසයේදීයග රටේ ජනගහණයෙන් වැඩි පිරිසක් එන්නත්කරණයට ලක්කිරීමෙන්ල සමාජය තුළ සමූහ ප‍්‍රතිශක්තියක් ථ්‍යැරා ෂපපමබසඑහ* ගොඩනැෙ`ගතැයි අපේක්‍ෂා කෙරෙන අතරල ලෝකයේ බොහෝ රටවල් මේ වන විට කොවිඞ් වසංගත මර්දන වැඩසටහන් තුළ වැඩි බර යොදා ඇත්තේ එන්නත්කරණයටයිග තවදල එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් අයෙකුට වෛරසය වැළඳුණදල අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ ඉඩකඩ අඩු යැයි කියැවෙන්නේයග

කෙසේ වුවදල එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත්තදල සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත්වලින් මුළුමනින්ම බැහැර වීල නිදහසේ හැසිරීමට ඉඩක් නොලැබෙන බව අප පැහැදිලිව වටහාගත යුතුයග එන්නත් මාත‍්‍රා දෙකම ලබාගැනීම යනුල සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත්වලින් සම්පූර්ණයෙන්ම බැහැර වීමට ලැබෙන අවසර පත‍්‍රයක් නොවන බව අප වටහාගත යුතුයග එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් උදවියට ද වෛරසය ආසාදනය වීම් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන අතරල මෑතකදී බි‍්‍රතාන්‍යයේ සෞඛ්‍ය ඇමැති ලෙස පත්වූ සාජිඞ් ඩාවිඞ් මහතාට ද කොරෝනා ආසාදනය වීම ඊට කදිම උදාහරණයක් වන්නේයග තමන් එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් බැවින්ල රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ සුළු වශයෙන් බව බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා පවසන්නේයග

මෙවන් පසුබිමක් තුළල මෙරට එන්නත්කරණ ක‍්‍රියාවලිය වේගයෙන් සිදුවුවදල වසංගතය රට පුරා පැතිර යෑමේ තර්ජනය තවමත් එලෙසම පවතින බව අප වටහාගත යුතුයග විශේෂයෙන්ල වේගයෙන් පැතිරෙනල භයානක ඩෙල්ටා වෛරස ප‍්‍රභේදය ආසාදිතවූවන් 38 දෙනකු මේ වන විටත් මෙරටින් හමුවී තිබෙන අතරල එය ශ්‍රී ලංකාවේ ද ප‍්‍රධානතම වෛරස ප‍්‍රභේදය බවට පත්වීමේ තර්ජනයක් ඇත්තේයග ඉදිරි කාලයේදීල ඩෙල්ටා ප‍්‍රභේදය ශ්‍රී ලංකාව තුළ බහුලව පැතිර යෑමේ අවදානමක් තිබෙන බවත්ල ලෝකයේ බොහෝ රටවල ප‍්‍රමුඛතම වෛරස ප‍්‍රභේදය බවට ඩෙල්ටා පත්ව ඇති පසුබිමක එයින් මෙරටට බලපෑමක් නැතැයි විශ්වාස කළ නොහැකි බවත් ඖෂධ නිෂ්පාදනල සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යල මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කරන්නේයග ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා වෛරස ප‍්‍රභේදය වේගයෙන් පැතිර යෑමේ තර්ජනය හේතුවෙන් රට සිව්වැනි කොවිඞ් රැුල්ලක ආසන්නයට පිවිස ඇති බවටල ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිල විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අනතුරු අඟවන්නීයග

කොවිඞ් – 19 වෛරසයල 2019 නොවැම්බර් මාසයේදී චීනයේ වූහාන් නගරයෙන් මතුවූ දා සිට මේ දක්වා වූ මාස විස්සක පමණ කාලය තුළල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරස ප‍්‍රභේද හයක් හඳුනාගෙන ඇත්තේයග ඒවාල මේ වන විටල ග‍්‍රීක හෝඩියේ මුල් අකුරු වන ඇල්ෆාල බීටාල ගැමාල ඩෙල්ටාල ලැම්ඩාල එප්සයිලන් යන නම්වලින් හැඳින්වෙන්නේයග මුල් වරට එංගලන්තයෙන් හමු වූ වෛරස ප‍්‍රභේදය ඇල්ෆා ලෙස දල දකුණු අප‍්‍රිකාවෙන් මතු වූ වෛරස ප‍්‍රභේදය බීටා නමින් දල පළමු වරට බ‍්‍රසීලයේ දක්නට ලැබුණු ප‍්‍රභේදය ගැමා නමින් ද හඳුන්වනු ලබන්නේයග දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයෙන් හමු වූ ලැම්ඩා ප‍්‍රභේදය සහ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයෙන් වාර්තා වී ඇති අලූත්ම එප්සයිලන් ප‍්‍රභේදය ගැන තවම වැඩි විස්තර ලැබී නැත්තේයග පසුගිය ජූලි 1 වැනිදා වන විටල ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදය රටවල් 104කින් වාර්තා වී තිබුණු අතරල යටකී පරිදිල ලෝකයේ බොහෝ රටවල ප‍්‍රමුඛතම වෛරස ප‍්‍රභේදය බවට ඩෙල්ටා පත්ව ඇත්තේයග එන්නත්කරණය මගින් වසංගතය පාලනය කිරීමේ සාර්ථකත්වයක් පෙන්වූ රටවල පවා ඩෙල්ටා ප‍්‍රභේදය වේගයෙන් පැතිරෙමින් තිබෙන්නේයග

එංගලන්ත ඇල්ෆා වෛරස ප‍්‍රභේදය හා සසඳන විට ඩෙල්ටා පැතිරීමේ වේගය සියයට 60 කින් පමණ වැඩි යැයි මුලදී වාර්තා වූවදල ඇමෙරිකාවේ වොෂින්ටන් සරසවියේ නවතම පර්යේෂණයකට අනුවල සෙසු වෛරස ප‍්‍රභේදයන්ට වඩා සියයට 225ක වේගයෙන් ඩෙල්ටා පැතිරෙන බව අනාවරණය වී ඇත්තේයග ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතවූවන්ගේ රෝග ලක්‍ෂණ වැඩි බවත්ල ඒ නිසාම රෝහල්ගතවීමේ සම්භාවිතාවය ද වැඩි බවත් මේ වන විට තහවුරු වී ඇත්තේයග ජූලි දෙවෙනි සතිය තුළල ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සියයට 70කින් ඉහළ ගිය අතරල රෝහල්ගත කෙරුණු ආසාදිතයන්ගේ ගණන සියයට 36කින් වැඩි වී ඇත්තේයග මේ අතරල ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතවූවන් ඉක්මනින් දුර්වල වන බව ද සනාථ වී ඇතත්ල මරණ අනුපාතය වැඩි බවක් තවම තහවුරු වී නැත්තේයග

”කිසිදු රටක් තවම අනතුරෙන් නිදහස් වී නැහැග ඩෙල්ටා ප‍්‍රභේදය ඉතාම භයානකයිග තවදුරටත් එහි වෙනස්කම් සිදුවෙමින්ල අලූත් විකෘතීන් බිහිවෙමින් තිබෙනවාග ඒ නිසාල නිරතුරුව ඒ ගැන විමසිල්ලෙන් සිටිය යුතුයිග මහජන සෞඛ්‍ය පිළිවෙත්වල ද අවශ්‍ය වෙනස්කම් සිදුකළ යුතුයිග’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී තේද්‍රෝස් ගෙබි‍්‍රයේසස් මහතා අවධාරණය කරන්නේයග

එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත්තදල සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත්වලින් කිසිසේත්ම බැහැර නොවිය යුතු බවල මේ අනුව පැහැදිලි වන්නේයග එන්නත්කරණය වේගවත් කිරීමල කඩිනමින් ආසාදිතයන් හඳුනා ගැනීමල වෛරසයේ ව්‍යාප්තිය ගැන දැඩි අවධානයෙන් පසුවීමල අවැසි පරිදි සංචරණ සීමා පැනවීම වැනි කටයුතු රජයේ පාර්ශ්වයෙන් සිදුවිය යුතු අතරල නිසි පරිදි මුඛ ආවරණ පැළඳීමල පුද්ගල දුරස්ථභාවය රැකගැනීමල නිතර දෑත් සේදීමල සෙනඟ ගැවසෙන ස්ථාන මඟහැරීමල ගෘහස්ත ස්ථානවලට හොඳින් වාත‍්‍රාශ‍්‍රය ලැබෙන්නට සැලැස්වීම වැනි කටයුතු ජනතාවගේ පැත්තෙන් සිදුවිය යුතුයග අපේ යුතුකම අප ඉටු නොකළහොත්ල භයානක ඩෙල්ටා රැුල්ලකින් බැට කන්නට සිදුවන්නේ අපටමයග

Jayantha Lal Rathnasekara

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment