ඩෙල්ටා ප‍්‍රභේදය පරාජය කිරීමට නවසීලන්තය සැරසෙයි

149

පළමු කොරෝනා වසංගත රැල්ල සාර්ථකව පාලනය කරමින් ප‍්‍රජාවෙන්ද කොරෝනා වෛරසය තුරන් කළ නවසීලන්තය දැනට එරට පැතිර ගොස් ඇති ඩෙල්ටා කොරෝනා වෛරස් ප‍්‍රභේදයද මර්දනය කර වෛරසය ප‍්‍රජාවෙන් තුරන් කරන තත්ත්වයට පැමිණෙනු ඇති බව තමාට විශ්වාස බව නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන මහාචාර්ය මයිකල් බේකර් පවසයි. නවසීලන්ත රජයට කොරෝනා වෛරසය ප‍්‍රජාවෙන් තුරන් කර තබන ලෙසට මුල සිටම උපදෙස් ලබා දී මයිකල් බේකර් පවසනුයේ මුළු ලොවටම තර්ජනයක්ව පවතින ඩෙල්ටා ප‍්‍රභේදය පරාජය කිරීමේ අභියෝගය නවසීලන්තය විසින් ජය ගනු ඇති බවයි.

 මේ අතර නවසීලන්තයෙන් දෛනිකව වාර්තා වන ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාවද අඩු වෙමින් පැවතියද දැනට රට පුරා ක‍්‍රියාත්මකව පවතින දැඩි සංචරණ සීමා සහිත අගුලූ දැමීම තවත් සති දෙකක්වත් ක‍්‍රියාත්මක වනු ඇතැයි නවසීලන්ත බලධාරීහු පවසති. රටේ ඩෙල්ටා තර්ජනය මැඬ පැවැත්වීමේ අභියෝගය පිළිබඳව අදහස් දක්වා ඇති නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පවසා ඇත්තේ මාස 18 ක කාලයක් කොරෝනා වෛරසයෙන් තොරව පවත්වාගෙන ගිය නවසීලන්තයේ තරග නීතිරීති ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය විසින් වෙනස් කිරීම නිසා රටටද තරග සැලැස්ම වෙනස් කිරීමට සිදු වූ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment