‘ඩෙල්ටා’ යැයි සැක 10කගේ සාම්පල් වැඩිදුර පරීක්‍ෂණවලට…. කොරෝනා හොඳවන දරුවන්ට සංකූලතා අනතුරක්

415

‘ඩෙල්ටා’ කොරෝනා ප‍්‍රභේදය වැලඳී ඇතැයි සැක කරන පුද්ගලයන් දසදෙනකුගේ ජෛව සාම්පල මේ වන විට වැඩිදුර පරීක්‍ෂණ ස`දහා යොමු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi අසේල ගුණවර්ධන මහතා ස`දහන් කළේය.
 
 අදාළ පරීක්‍ෂණ නිමවීමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි ද කී අසේල ගුණවර්ධන මහතා එම පුද්ගලයන්ට වැලඳී තිබෙන්නේ ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය ද නැතහොත් වෙනත් ප‍්‍රභේදයක් ද යන්න නිශ්චිතව කිව හැක්කේ එම පරීක්‍ෂණවලින් අනතුරුව බව ද ඒ මහතා පැවසීය. කොළඹදී ඊයේ (21 වැනිදා* පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව ස`දහන් කළේය.
 
 මේ අතර පවතින වසංගත තත්ත්වය සමග කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාරවලින් පසු සුවය ලබන දරුවන් අතරින් ඇතැම් දරුවන් බහු පද්ධති සංකූලතාව නමැති රෝගී තත්ත්වයට ගොදුරු විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛi මහාචාර්ය පූජිත වික‍්‍රමසිංහ මහතා ස`දහන් කරයි.
 
 ඉතාම විරල ආකාරයෙන් දරුවන් පන්දහසකින් එක් අයකුට ලෙස ඇතිවිය හැකි මෙම රෝගී තත්ත්වයට නිසි ප‍්‍රතිකාර ලබාදීමෙන් සුව කළ හැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
 
 ඒ සඳහා සිදු කළ යුතුව තිබෙන්නේ දරුවා රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීමේදීම කඩිනමින් දරුවා සුදුසුකම් ලත් වෛiවරයකු වෙත හෝ රෝහලක් වෙත රැුගෙන යෑම බව ද මහාචාර්ය පූජිත වික‍්‍රමසිංහ මහතා ස`දහන් කළේය.
 
 උදර රෝගී තත්ත්වයක් සමග අසාමාන්‍ය ලෙස පාචනය ඇතිවීම මෙම රෝගී තත්ත්වයේ සුලබ රෝග ලක්‍ෂණයක් බවද කී මහාචාර්යවරයා මෙහිදී කඩිනමින් දරුවා ප‍්‍රතිකාර ස`දහා යොමු කිරීම ඉතා වැදගත් බව ද පැවසීය.
 
 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගෙවී ගිය වසරක පමණ කාලයේ දී මෙරට දරුවන් දසදෙනකු මරණයට පත්ව ඇතැයි ද පෙන්වා දුන් හෙතෙම මෙම දරුවන් බහුතරක් දෙනා වෙනත් බෝ නොවන නිදන්ගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළුණු දරුවන් බව ද ස`දහන් කළේය.
 
 එසේම වැඩිහිටියන් කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබාගෙන තිබුණ ද ඔවුන්ට වෛරසය ආසාදනය වීම සිදු විය හැකි අතර ඔවුන්ගෙන් අනෙකුත් අයට වෛරසය ආසාදනය වීම සියයට සියයක්ම සිදුවන බව ද පෙන්වා දුන් මහාචාර්ය පූජිත වික‍්‍රමසිංහ මහතා එහෙයින් කුඩා දරුවන් සිටින වැඩිහිටියන් මේ දිනවල ඉතා සුපරික්‍ෂාකාරීව සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කි‍්‍රයා කළ යුතු බවද පැවසීය.
 
 විශේෂයෙන් නිවසින් බැහැරට ගොස් යළි පැමිණීමේදී දරුවන් වෙත යෑමට පෙර හො`දින් පිරිසිදු වීම අනිවාර්ය කරුණක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 
 මේ අතර මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ අනුව චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ තවත් මාත‍්‍රා මිලියන දෙකක් අද (22 වැනිදා* මෙරටට ලැබෙන බව ඖෂධ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
 
 එම එන්නත් තොගය මෙරට දිස්ති‍්‍රක්ක 12 ක් ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත. ඒ අනුව එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 4 ක් කුරුණෑගල දිස්ති‍්‍රක්කයටත් ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ති‍්‍රක්ක ස`දහා මාත‍්‍රා ලක්‍ෂ දෙක බැගිනුත් ලබාදීමට නියමිතය. එසේ පුත්තලම, පොලොන්නරුව, නුවරඑළිය, මොනරාගල, අම්පාර, මඩකලපුව යන දිස්ති‍්‍රක්ක ස`දහා එන්නත් මාත‍්‍රා ලක්‍ෂය බැගින් ලබා දෙනු ලබන අතර හම්බන්තොට දිස්ති‍්‍රක්කයට ඉතිරි එන්නත් මාත‍්‍රා 125000 වෙන්කර ඇත. පවතින වසංගත තත්ත්වයත් සමග කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 1180ක් ඊයේ වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. එසේම රෝගීව රෝහල්හි ප‍්‍රතිකාර ලබා 930 ක් පූර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විiා ඒකකය ඊයේ ස`දහන් කළේය. එම පිරිසත් සමග කොරෝනා ආසාදනය වී ප‍්‍රතිකාර ලැබීමෙන් පසු මේ දක්වා මෙරට තුළ පූර්ණ සුවය ලද සංඛ්‍යාව 263758 ක් දක්වා වැඩිවිය.
 
 
– සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment