‘ඩෙල්ටා’ වෛරසය පරදා ඉදිරියට

701

කොරෝනා වසංගතය නිමාවක් දකින දිනක් පිළිබඳ අනාවැකි පළකිරීමට සමත් කිසිවකු නැත. මේ මොහොත වනවිට ද විවිධ ප‍්‍රභේද යටතේ ඉස්මතුවන කොරෝනා වෛරසයේ නවතම ප‍්‍රභේදයවන ‘ඔමික්‍රොන්’ විසින් නැවත වරක් ලෝකය උඩුයටිකුරු කරමින් ඇත. එම ප‍්‍රභේදය මතු වීමට පෙර ‘ඩෙල්ටා’ නමින් වෙනත් ප‍්‍රභේදයක් කරළියට පැමිණියේය. 2021 මැයි මස සිට මෙරටින් ඩෙල්ටා වාර්තා වීමට ගැනීමත් සමග එය මෙරට ජන ජීවිතයට පමණක් නොව, ජාතික ආර්ථිකයට එල්ල කරන ලද බලපෑම ඉමහත්ය. ඒ හේතුවෙන් බොහෝ කර්මාන්ත දැවැන්ත කඩාවැටීමකට ලක්විය.

රට තුළින් ‘ඩෙල්ටා’ වාර්තාවීමත් සමග එයට සමගාමීව තවත් අපූර්ව දෙයක් සිදුවිය. එනම් වසර 60 කට අධික කාලයක් තිස්සේ මෙරට ලොකු කුඩා ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකගේ රස නහර පිනවූ ‘‘රසයක්’’ පිළිබඳ මතකයක් නැවත නැවතත් ජන මනස තුළ නිම්නාද වීමට ගැනීමය.

එය අන් කිසිවක් නොව, රසයෙන් මෙන්ම ගුණාත්මක බවින් ද පොහොසත් Delta milk toffee පිළිබඳ අමතක නොවන මතකය බවට පත්ව ඇත. Delta milk toffee අලෙවි අංශය සඳහන් කර සිටින්නේ ඩෙල්ටා වෛරසය පැමිණීමත් සමඟ තම නිෂ්පාදනයේ අලෙවිය ශීඝ‍්‍රයෙන් ඉහළ ගිය බවත් වෙනත් මාසවල පැවැති සාමාන්‍ය මාසික අලෙවිය මෙන් 16.4%ක වර්ධනයක් ඉකුත් මාස කීපය තුළ සිදු වී ඇති බවත්ය. ටොෆි නිෂ්පාදන කර්මාන්තයේ සුවිශේෂී සන්නාමයක්වන Delta රසය මතු මතුත් තම පාරිභෝගිකයන් අතර අඛණ්ඩව පවත්වාගෙන යෑම තම අරමුණ බව ද එම අලෙවි අංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment