ඩෙල්ෆ්ට් ඝාතනයේ මළ සිරුරු යළි ඥාතීන්ට

442

සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ අකුරුතුරෙයි මාවේලී ප්‍රදේශයේදී කපා කොටා ඝාතනයට ලක් වූවන් පස් දෙනාගෙන් දෙදෙනකුගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව 23 දා ඥාතීන් වෙත බාර දී තිබේ.

අනෙක් තුන් දෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසුව බාර දීමට තීරණය කොට තිබේ.

සිද්ධියෙන් මියගිය නාගනාති බාලසිංහම් සහ ඔහුගේ බිරිඳ බාලසිංහම් කන්මනියම්මා භූමිනීගේ මළ සිරුරු ඥාතීන් වෙත බාර දී ඇති අතර එම මළ සිරුරු දෙක යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ බරම්බඩි ගම්මානයේ ඥාතීන් පිරිසක් විසින් බාර ගෙන ඔවුන්ගේ නිවෙසක් වෙත රැගෙන ගොස් තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේම්කුමාර් නාමසිවායම් විසින් එම මරණ දෙක සියුම් ආයුධ වලින් කැපීම හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීමෙන් හා කම්පනයෙන් මියගිය බවට තහවුරු කොට තිබේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින 51 හැවිරිදි රඝූ නමැත්තා යාපනය අධිකරණයට ඉදිරිපත් කොට ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පැය 48 ක කාලයක් රඳවා ගැනීමට පොලිසිය කළ ඉල්ලීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.

යාපනයේ ඩෙල්ෆ්ට් පොලිසිය හා යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment