ඩෙල්ෆ්ට් දූපත් අශ‍්‍රිත ධීවරයන්ට සිදුව ඇති හානිය ඉන්දීය රජයෙන් අයකර ගන්නවා

470

දිගින් දිගටම ඉන්දීය ධීවරයන් මෙරටේ මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වීම හා මෙරට ධීවරයන්ගේ දැල් අම්පන්නවලට හානි සිදු කිරීම සිදුවන අතර එම කටයුතු නතර කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද පළක් නොවීය. මෙම තත්ත්වය තුළ

 ඩෙල්ෆට් දූපත් අශ‍්‍රිත ධීවයන්ට සිදුව ඇති හානිය ඉන්දීය රජය අයකර ගන්නවා

 ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පසුගිය සති දෙක තුළ ඩෙල්ෆට් පත් අශ‍්‍රිත ධීවරයන්ගේ කෝටි දෙකකට අධික දැල් ආම්පන්නවලට සිදු කළ හානිය ලබා ගැනීමට ඉන්දීය රජය සමග සාකච්ඡුා කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් යාපනයේ පිහිටි කාර්යාලයේදී යාපනය දිස්ත‍්‍රික් ධීවර සංගම් හමුවේදී ප‍්‍රකාශ කරන ලදී.

 මෙම හමුවේදී ධීවර සංගම් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලද්දේ දැනට වසර ගණනාවක සිට ඉන්දීය ධීවරයන් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු නිසා තම කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත්, මේ පිළිබ`ද රජයේ අදාළ අංශ දැනුවත් කළ ද මේ සම්බන්ධව කිසිදු විස`දුමක් නොලැබුණු බවත් ය. පසුගිය සති දෙක තුළ පමණක් ඩෙල්ප් දූපත් අශ‍්‍රිත ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ගේ දැල් ආම්පන්නවලට හානි සිදුකර ඇති බව පෙන්වා දුන් සංගම්, එම ධීවරයන්ගේ රැකියාව කරගෙන යෑමට හැකි පරිසරයක් නිර්මාණය කර දෙන ලෙස ඉල්ලා සිටියේය. තවද මෙම ප‍්‍රදේශය තුළ ඉන්දීය ධීවරයන් සුරුක්කු දැල් හා ඩයිනමයිට් යොදා මසුන් මැරීම සිදු කරන බවත් ඒ මගින් මත්ස්‍ය සම්පතට දැඩි හානි සිදුව ඇති බැවින් එම කටයුතු නතර කිරීමට කටයුතු කරන ලෙසත්, පසුගිය කාලයේ සිදු වූ කුණාටුව නිසා හානියට පත් ධීවරයන්ට වන්දි ලබා දීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙස ද අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

 මෙහිදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසා සිටියේ රට පුරා සිටින ධීවරයන්ට හ`දුන්වා දීමට යෝජිතව ඇති නව නීති රීති අනුව යාපනයේ දිස්ත‍්‍රික්කයේ අඟල් 3 හා 5 දැල් භාවිතා කර නාවික සැතපුම් 16 කින් ඔබ්බට සුරුක්කු දැල් යොදවා ධීවර කර්මාන්තයේ යෙදීමට අවසර ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත් ය. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පවසා සිටියේ ඉන්දීය ධීවරයන්ගේ නීති විරෝධී කටයුතුවලට ඉදිරියේදී ස්ථිර විස`දුමක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවත්, ඩෙල්ප් දූපත් අශ‍්‍රිත ධීවරයන්ට සිදු වූ අලාභහානි පිළිබ`දව සොයා බලා ඔවුන්ට සහන සැලැසීමට කටයුතු කරන බවත් ය. තවද ධීවර සම්මේලනයේ හා ධීවර සංගම්වල සහයෝගය මත මුහුදේ දී සිදු කරන නීති විරොධී ධීවර කටයුතු නතර කිරීමට ද හැකියාව පවතින බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment