ඩෙල්ෆ්ට් දූපතේ පස්වන පටුමග අසල තිබූ මාතා පිළිමය කඩා දමලා

580

යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ පස්වන පටුමග අසල පිහිටුවා තිබූ මාතා පිළිමය කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබේ.

ප‍්‍රදේශවාසීන් විසින් වන්දනාමාන කිරීම සඳහා මෙම මාතා පිළිමය තැන්පත් කොට සකසා තිබූ සුරුවමටද එම පිරිස අලාභහානි සිදු කොට තිබේ. මේ පිළිබඳ ඩෙල්ෆ්ට් කතෝලික දේවස්ථානයේ පියතුමා විසින් ඩෙල්ෆ්ට් පොලිසියට පැමිණිලි කොට ඇති අතර පොලිසිය මාතා පිළිමය හා සුරුවම කඩා බිඳ දැමූ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment