ඩෙ‍්‍රා්නා කැමරා මගින් නිරීක්‍ෂණය කර අවිනීත රියැදුරන්ට නීති පියවර ගන්න – ඇමැති සරත් වීරසේකර

124

රථවාහන රියැදුරන්ගේ අවිනීත බව නිසා මාර්ග තදබදය වැඩිවීමට හේතුවනවා නම් ඩ්‍රෝන කැමරාද ආධාර කර ගනිමින් ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතා ඊයේ (09දා) පොලිසියට උපදෙස් දී තිබේ.

කොළඹට උදෑසන පිවිසෙන වාහන තදබදය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ඇමැතිවරයා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවකින් අනතුරුව පොලිසියට මෙම උපදෙස් ලබා දුන්නේය.

එහිදී දැනට පවතින වාහන තදබදය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර සහ ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව ඇමැතිවරයා විශේෂ අවධානය යොමු කළේය. එසේම සංඥා පුවරු තාක්‍ෂණික උපකරණ භාවිතය සහ පොලිස් නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතා නැංවීම සඳහා අවශ්‍ය පියවර සම්බන්ධව ඇමැතිවරයා පොලිස් ප‍්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

දැනටමත් ගුවන් හමුදාවේ සහය ඇතිව ඩ්‍රෝන කැමරා මගින් ස්ථාන 9ක රථවාහන තදබදය පිළිබඳ නිරීක්‍ෂණය කර ලබා දෙන සහයද ඇමැතිවරයාගේ පැසසුමට ලක් විය. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment