ඩොනා මේ පතීලාගේ පරම්පරාවේ යුතුකමයි

207

ඩොනල්ඩ් ගැන ලියන්නට සිති සිතී කාලය ඉගිලී යයි. ඔහු ගැන බොහෝ ලියැවී තිබියදී, මගේ සටහන කුමක් වියයුතු දැයි නොතේරේ. ගාමිණී ෆොන්සේකා සහ මනික් සන්ද්‍රසාග්‍ර ඔහු ඇමතූයේ Don නමිනි. ටෝනි රණසිංහට ඔහු ඩොනා විය. වසන්ත ඔබේසේකර, පතිරාජ වැනි කැරලිකාර අධ්‍යක්ෂකවරු සේම, ලෙස්ටර්/ සුමිත්‍රා වැනි නිවී සැනසිල්ලේ වැඩ කරන නිර්මාණකරුවන් සමගද, නීල් හා සරත් රූපසිංහ සොයුරන් වැනි වාණිජ සිනමාවේ පතාකයන් සමගද ඔහු සිය සලකුණ තැබූ අයුරු විස්මයජනකය. සුමිත්‍රා පීරිස් නිර්මාණය කරන්නට සිහින දකින අවසාන චිත්‍රපටයේ කැමරා ශිල්පියා ඩොනල්ඩ් විය යුතුම යැයි ඇය උදක් සිතුවාය. ඔහුටද එතන සිටින්නට අත්‍යවශ්‍ය විය. ජීවිතය වැඩි කාලයක් ඉඩ ලබානොදෙන බැව් දැන සිටියද, ඒ සිහිනයට කල්වේලා ඇති යැයි ඔහු සිතුවා වන්නට ඇත.

නව පරපුරේ “අහස් ගව්ව” ඔහුගේ මහා සිහිනය වූවා සේය. තමා එය අධ්‍යක්ෂණය කළ යුතුම බව ඔහු පැවසූයේ, පතීලාගේ පරම්පරාව වෙනුවෙන් කළයුතු යුතුකමක් සේ සලකමිනි. ඡායාරූපකරණයේ පතාකයෙකු වූ රැලෙක්ස් රණසිංහ සමග 80 දශකයේ කරන ලද music video කිහිපයක් සමග එක් වන්නට මටත් නිමල්ටත් නිමල් ඒකනායකටත් එකල භාග්‍ය උදා විය. ඉතා අඩු තාක්ෂණික මෙවලම් සමග ඔහු ප්‍රාතිහාර්යය පානා විට අපි පුදුමයෙන් ඒ විමසද්දී, Lighting වලින් හුඟාක් දේවල් කරන්න පුළුවන් මචං රැවුල කසමින් සිනාසිසී කී අයුරු තාමත් මතකය. මා විවාහපත් දින වීඩියෝ කරන්නට කැමරාවක්ද කරගසාගෙන ඔහු ආ හැටි ඇදහිය නොහැක. මම කිසිදා නොඉල්ලන ඒ ඉල්ලීම මා වෙනුවෙන් කලේ රැලෙක්ස් අයියා ය. පසුගිය කාලයේ ඔහු කතා කර කර සිටින්නට මහත් සේ ආශා කළේය. සමහර දුරකතන සංවාද පැය තුන හතර දික් විය. ඔහු ලංකාවට ගොස් පැමිණි පසු කතා කරන්නට අවස්ථාවක් නොලැබුණි. සිය අලුත් නොම්බරය සමග එැංඑ පණිවිඩයක් එවා තිබුණි. ඉක්මනින් ම කතා කළ යුතු යැයි සිතමින් සිටියදී දිනක් ඩෙන්සිල් පී. අබේවර්ධන කතා කළේය.

“අනේ මචං ඩොනාට හොඳටම අමාරුයි. පුළුවන් නම් කතා කරපන්” ඔහු ආයාචනය කළේය. “කතා කරල වැඩක් නෑ මචං. කවුරුවත් චයදබැ එක ගන්නෙ නෑ.” මේ ගැන විමසද්දී චන්දරේ චන්ද්‍රරත්න බණ්ඩාර පිළිතුරු දුනි. භද්‍රජි මහාන්ද ජයතිලකලා ළඟ එන දුක්මුසු පුවත ව්‍යංගයෙන් පෙන්වද්දී, අපට කළ හැකිවූ එකම දේ, තුෂ්නිම්භූතව බලා සිටීම පමණි.

අජිත් ජිනදාස

advertistmentadvertistment
advertistmentadvertistment