ඩොලරයට රු. 240 ක් ගෙවන්න කැබිනට් යෝජනාවක්

376

විදෙස් ශ‍්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන මුදල් සඳහා අවම වශයෙන් ඇමරිකන් ඩොලර් එකකට රුපියල් 240 ක් ගෙවන ලෙස ඉල්ලා ඊළඟ කැබිනට් රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කරන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

සිංහල හා හින්දු අලූත් අවුරුද්ද සැමරීමට විදෙස් ශ‍්‍රමිකයෝ මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වියදම් කිරීමට වැඩිපුර මුදල් එවීම සාමාන්‍යයෙන් සිදු කරති. එහෙත් වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ ඩොලරය සම්බන්ධයෙන් පවතින තත්ත්වය හමුවේ බොහෝ විදෙස් ශ‍්‍රමිකයන් සිය මුදල් මෙරටට එවනු ලබන්නේ නීත්‍යානුකූල නොවන මාර්ගයෙනි. එම තත්ත්වය නිසා මේ වන විට මෙරට විදෙස් සංචිතවලට විශාල බලපෑමක් එල්ල වී ඇතැයිද ඇමැතිවරයා පවසා ඇත.

අවම වශයෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 240 ක් වත් ගෙවන්නේ නම් විදෙස් ශ‍්‍රමිකයන් මෙරට බැංකු හරහා මුදල් මෙරටට එවීමට කටයුතු කරනු ඇතැයි ඇමැතිවරයා පවසයි. දැනට ඩොලරයකට රුපියල් 10 ක දිරි දීමනාවක් ගෙවන අතර එය තවත් රුපියල් 30 කින් වැඩි කිරීමට ඇමැතිවරයා යෝජනා කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment