කඩොලාන යනු නොයෙක් අයුරින් බීජ දරන අතිශය විශේෂණය වූ, පඳුරුවල සහ උස් ගස් දක්වා ප්‍රමාණයෙන් වෙනස් වන ශාක වර්ග වේ. කඩොලාන සාමාන්‍ය වශයෙන් ආවරණය සහිත අන්තර් උදම් මුහුදු තීරයේ සිට මෝය සහ කලපු ආශ්‍රිතව විශේෂයෙන් දක්නට ලැබේ.
විටින් විට මුහුදු ජලයෙන් යට වන ප්‍රදේශවල නිර්වායු සහ ආම්ලික පසෙහි මෙම කඩොලන ශාක හට ගනී.
කඩොලාන කරදිය සහිත පරිසරයක වර්ධනය වුවද, සාමාන්‍ය පරිසරයක අවශ්‍යතාවන් වන මිරිදිය, පෝෂණ ද්‍රව්‍ය, දේශගුණය, හිරු ඒළිය, ඔක්සිජන් මේවා වැඩීමට ඉතාමත් ඉවහල් වේ.
තවද කඩොලාන ශාක අනෙකුත් ශාක වර්ධනය නොවන පරිසර තුළ ඉතා සාර්ථකව හැදී වැඩී ජීවත්වීමේ හැකියාව විශාල වශයෙන් දක්නට ලැබේ.
මෙම කඩොලාන වෘක්ෂලතා ආශ්‍රිතව බොහෝ ජීවීන් ජීවත්වීම ද, විශේෂ ලක්ෂණයක් ලෙස ගණන් ගත හැක. එම ජීවීන් අතර කකුළුවා, ඉස්සා, පෙතියා, දියහූනා (Mudskipper) විශේෂ තැනක් ගනී. මෙයින් දිය හූනා කඩොලාන ශාකයන් අශ්‍රිතව ජීවත් වේ. එම කඩොලාන ශාකයන් හටගෙන ඇති මඩ සහිත පොළවෙහි ගුල්, කුහර තනාගෙන ජීවත් වේ. දිය හූනාට කඩොලාන ශාක මුල්වල මෙන්ම කඩොලාන ශාක අතු ඉති කඳන්වලද, ඉහළට නැගීමේ හැකියාවක් ඇත.
දිය හූනා කඩොලාන ශාක පිහිටා ඇති භූමි භාගයේ ගුල්, කුහර සාදා ගෙන ජීවිතය ගෙන යන අතර උදම් රළ අවස්ථාවන්හි දී එම ශාකයන් මතට ගොඩ වී තම ජීවිතය රැක ගැනීමත්, ආරක්ෂා කර ගැනීමත් ස්වභාවධර්මයා විසින් ගෙනෙන ලද නියතයකි.
උදම් රළ මගින් දිය හූනා ගේ ගුල්, ගුහා, නිවාස වැසී යන බව හොඳටම ස්වභාව ධර්මයා අනුව විශ්වාසයක් පවතින බැවින් උන් කඩොලාන ශාක වල අතු, ඉතිවල ජීවිතය ගෙන ගියත්, උදම් රළ පහව ගිය විගස ඔවුන් ඒම වෘක්ෂලතාවන්ගෙන් ජලය සහිත පසට බැස සිත් පරිදි ගුල් සාදාගෙන සුපුරුදු පරිදි ජීවිතයට අවතීර්ණ වේ.
කඩොලාන පරිසර පද්ධතිය දිවයින පුරා පැතිරී ඇති අයුරු
මෙම රට තුළ වෙරළ හා කලපු ආශ්‍රිතව සත්‍ය කඩොලාන 25 ක් ආශ්‍රිත කඩොලාන 15 ක් පමණ සමන්විත වන අතර මෙය එයට වඩා අඩු වැඩි ගුණයක් ඇති බව ද, පරිසරවේදීන්ගේ අදහස වී ඇත.
මෙම කඩොලාන විශාල ලෙස ව්‍යාප්ත වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝයන් ආශ්‍රිතව ය. තව ද, ඝණව වැඩුණ කඩොලාන නිරිත දිග, ඊසාණ සහ දකුණු කලපු වෙරළ ආශ්‍රිතව දක්නට ලැබේ.
දකුණු පළාතේ කොග්ගල කලපුව, හම්බන්තොට කහඳමෝදර කලමැටිය කලපුව, කෝකිලායි නයාරු කලපුව ආශ්‍රිතවත්, දෙවිනුවර වැල්ලමඩම කලපුව, තලල්ල කලපුව හා මෝය ප්‍රදේශවල මෙන්ම අම්බලන්තොට කිරල කැලය ද, කඩොලාන ශාකයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි.
මෙම කඩොලාන ශාකයන් අතර කඩොල්, මල් කඩොල් නොහොත් සිරි කණ්ඩා කඩොල්, හීන් කඩොල්, මට්ටි කඩොල්, කදුරු, ගොඩ කඳුරු, දිය කඳුරු, පුංකණ්ඩ, කිරළ, මැඩගස් කටු ඉකිලි නොහොත් සමහර ප්‍රදේශවල භාවිත කරන නීරමුල්ලිය,
ගිංපොල්, කැරන් ගස්, දිය දඟ ගස්, වල් මිදි ගස්, වල් බෙලි ගස්, කොට්ටම්බා, තෙලකීරිය ගස් ප්‍රධාන තැනක් ගනී. නමුත් කොට්ටම්බා ගස ගොඩ මඩ දෙකටම
ආවේණික ව කඩොලාන පැවැත්මට ද දර දිය සපයයි.
මෙම කඩොලාන ශාකයන්ට අමතරව මෙවන් ජීවීන්ද කඩොලාන ආශ්‍රිතව දිවි ගෙවති.
මඩ කකුළුවා Grapsid Crab
- තනි අඬු කකුළුවා Fiddler Crab
- කලපු කකුළුවා Seylla Serratas
- මුහුදු කකුළුවා (සීනක්කාලි) Protunnus Pelagicus
- මඩ පොකිරිස්සා Thalassina Anomala
- කිරි ඉස්සා (කලිස්සා) Penaeus Indicus
- කඩොලාන මට්ටි Geloina Coaxans
- ටෙලස්කෝපියම් බෙල්ලන් Telescopium Teleacopium
- ලිටොරාරියි බෙල්ලන් (කඩොල් බෙල්ලන්) Littorina Scabra
- සෙරිතිඩිය බෙල්ලන් (ඌරි) Cerithidea Cingulate
- කඩොලාන කවාටි Saccorstrea/Crassostrea Species
- දිය හූනා Periophthalmus
- කඩොල් කොකButorides Striatus Javanicus
- ඇලි කොකා Egretta Species
- ගලුවියන් හා මුහුදු ලිහිණියා Gulols & Terns
- සිලි බිල්ලන් Sand Piper
කඩොලාන ශාක ලවණ හා කටුක පරිසරවලද ජීවත්වීමේ හැකියාව පෙන්වයි. තවද එම කඩොලාන ශාක මඩ සහ වැලි සහිත මෝය සහ කලපු ආශ්‍රිතව ජීවත් වන හෙයින් ගස ආරක්ෂාවීම සඳහා මුලෙහි කයිරු මුල් (කඳ වටා මුල් වල පැතිරී ගිය මුල්) සහ කඳෙහි ද මුල් ඇදීම සිදුවීමෙන් ඒම ගස් බිමට පෙරළීමේ අවදානමෙන් ද මිදේ.)
(මේ වන විට කලපු හා වෙරළ ආශ්‍රිතව ජීවත්වන ජනතාවගෙන් මෙම කඩොලාන ශාකයන්ට බොහෝසෙයින් අලාභහානි සිදු වේ. තවද මෙම කඩොලාන ශාකයන්ගේ මුල්වලට මුවා වී වාසස්ථාන සදාගෙන සිටින ඉස්සන්, කකුළුවන්, මත්ස්‍යන් නෙළා ගැනීමට කටයුතු කිරීමෙන් ද, කඩොලාන ශාකයන්ට නොයෙකුත් ආබාධයන්ට ගොදුරු වීමට සිදුවී ඇත.)
(තවද කඩොලාන දැව සඳහා ගැනෙන කඩොල්, කිරළ, දාංග, වල් බෙලි ආදී ශාක එය පිහිටා ඇති ප්‍රදේශවල ජනතාව විසින් නොයෙකුත් කටයුතු සඳහා කපා ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කිරීමෙන් කඩොලාන ශාකයන්ට මහත් තර්ජනයක් වී ඇත.
මෙම කඩොලාන ශාක නිසා කලපු මෝයවල් සහ ඉවුරුවල සෝදා පාළුව සහ වෙරළ ඉවුරු ඛාදනය වීම ද වැළක්වේ.
මෙම කඩොලාන ශාක ආශ්‍රිතව රාත්‍රී කාලයේ ලැගුම් ගන්නා කොකා, මයිනා, කොරවක්කා වැනි සතුන් සංචාරකයන්ගේ විනෝදය සහ සිත් පිනවීම, කටයුතු සඳහා යොදා ගන්නා අතර සමහර පළාත් වල පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පාඨමාලා සඳහා කඩොලාන හඳුන්වාදීමට ද, මෙම ශාක වර්ග ප්‍රයෝජනයට ගැනේ.
කඩොලාන ශාක ජීවත්වන බිම් ප්‍රදේශ නොවටිනා ඉඩම් නොව අප රටේ ස්වභාවික සම්පත් අතරින් වටිනාම සම්පතක් බව ද, අමතක නොකළ යුතුය. මෙම කඩොලාන පරිසරය විදේශීය සංචාරකයන්ගේ ඩොලර් උපයා ගැනීමට අවස්ථාවක් කර ගැනීමට ද, අප කටයුතු සිදු කළ යුතුව ඇත.
මේ වන විට කඩොලාන ශාක පිහිටි බිම් ප්‍රදේශ පස් දමා, කසළ දමා, කසළ ගොඩගැසීමෙන්, ගොඩකර නිවාස ඉදිකිරීමෙන්, සංචාරක හොටෙල්, වෙනත් කර්මාන්ත හා වෙනත් කටයුතු සඳහා සමහර ජනතාවන් කටයුතු කිරීම කඩොලාන විනාශයට මග පෙන්වමින් සිටිති.
මෙම කඩොලාන විනාශකාරී තත්ත්වය නිසා ඉදිරියේදී කඩොලාන ශාක විනාශ වීම නොවැළක්විය නොහැකි වන අතර කඩොලාන බිම් ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ අවධානය වහාම යොමු විය යුතුව ඇත.
පරිසර අධිකාරියේ සහකාර පරිසර නිලධාරී
සාගර විශ්වවිද්‍යාලයේ බාහිර
අංශයේ උපදේශිකා, නවෝද්‍යා දිලිනි ලියනගේ
සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළේ,
ලුණුගම්වෙහෙර තලල්ලේ ප්‍රඥාරත්න විදානගමාච්චි