ඩොලරයේ මිල පාලනය කළොත් විදුලි බිල අඩු කරගත හැකියි

115

එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන

රටේ ඩොලරයේ මිල පාලනය කරගත් පසුව විදුලිබිල අඩු කරගත හැකි යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානයේ රට මුහුණපා ඇති අභියෝගවලට සාර්ථකව මුහුණදී නියත වශයෙන්ම ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළට ඔසවා තබන බවත්, ඒ වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීමට සියලුම පාර්ශ්ව ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවත් ඒ මහතා ඊයේ (22 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

‘නිදහස ලබා වසර 75 ක් පිරෙන අවස්ථාවේ රට පවතින තත්ත්වයෙන් ගොඩගත හැකි වැඩිම දේශපාලන පළපුරුද්දක් සහ අත්දැකීමක් තිබෙන පුද්ගලයා තෝරාගෙන ඔහුට රට භාර දුන්නේ පවතින ප්‍රශ්න විසඳීමටයි.

ඒ වගේම විදුලිබිල ගැන බොහෝ අයට කතා පවත්වන්න පුළුවන්. හැබැයි අපි මේ ගැන කණගාටු විය යුතුයි මොකද කියනව නම්, එකම ජලාශයක්වත්, එහෙම නැත්නම් එකම ජල විදුලි බලාගාරයක්වත් නැති අපේ අසල්වැසි රටක් වන සිංගප්පූරුව ගතහොත් ඔවුන් අල්ලපු රටෙන් වතුර ගෙනැල්ලා විදුලි නිෂ්පාදනය කර ලෝකයේ බලසම්පන්න ආර්ථිකයක් තිබෙන රටක් බවට පත්වෙලා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය ඉතා වැදගත්. අපේ තියෙන ණයකරුවන් සහ අපට ආධාර දෙන කණ්ඩායම් යන දෙපාර්ශ්වයම එකඟ කරවාගෙන රට නැවත ස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කරමින් ඉන්නේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment