ඩොලරය ඊයේ රු. 260 ට නගී

250

මෙරට ප‍්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක් විසින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (10 දා) රුපියල් 260 ක් ලෙස සටහන් කිරීමත් සමග ලංකා ඉතිහාසයේ ඇමෙරිකානු ඩොලරයක ඉහළම හුවමාරු අගය සටහන් කළේය.

එසේම ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කළ නිල විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකිණුම් අගය රු.259.99 දක්වා අගයක් සටහන් කළේය. එය රුපියල් 30 කින් වර්ධනය වීමකි. එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය පෙරේදා පැවති රුපියල් 225.20 සිට ඊයේ රුපියල් 249.96 දක්වා ද වර්ධනය වී තිබේ. වහාම ක‍්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ සලසනු ලබන බව

පසුගිය මාර්තු 07 වැනිදා රාත‍්‍රියේ ශ‍්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන ලදී. ඒ සමගම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වේගයෙන් පිරිහීමට පටන් ගෙන ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment