ඩොලරය ඊයේ රු. 275ට නගී

191

ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (16) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.275ක් දක්වා තවත් ඉහළ ගියේය. මේ අනුව ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 5කින් ඉහළ ගොස් තිබේ.

එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ද පෙරේදා (15) පැවැති රු.259.76 සිට ඊයේ (16 දා) දිනයේදී රු.264.66ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රුපියල පා කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව ඉකුත් මාර්තු 07 දින ගත් තීරණයෙන් පසු දිගින් දිගට ම ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියල පිරිහෙමින් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment