ඩොලරය ඊයේ  රු.327ට නගී

208

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (11 දා) ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු.327.49 දක්වා රු.6.00කින් ඉහළ ගියේය.

පසුගිය සිකුරාදා වාර්තා වූ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු.321.49ක් විය.

එසේම ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු.310.88 සිට රු.316.79 දක්වා ද ඉහළ ගොස් ඇත. මේ අතර බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයකම දෛනික විකුණුම් අගයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු.330 දක්වා ඉහළ ගොස් තිබිණි. පසුගිය මාර්තු 07 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල පාකිරීමෙන් පසු මෙසේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම පිරිහෙමින් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment