ඩොලරය ඊයේ 320 ට යයි

157

වාණිජ බැංකු විසින් ප‍්‍රකාශයට පත් කරන දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (06ද) වනවිට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.320 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් අගයන් උපරිම වශයෙන් රු.310 ක පමණ මට්ටමේ පෙරේදා පැවැති අතර මේ අනුව ඊයේ දිනයේදී පමණක් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.10.00 කින් පමණ ඉහළ ගොස් තිබේ.

රාජ්‍ය බැංකු දෙකේ දෛනික විනිමය අනුපාත අගයන් ඊයේ දිනයේ රු.310 සහ රු.307 මට්ටමේ පැවැති අතර පෞද්ගලික බැංකුවල විනිමය අනුපාත අගයන් රු.310 ත් රු.320 ත් අතර අගයන්වල පැවැතිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment