ඩොලරය පහතට

1253

ඇමෙරිකානු ඩොලරයක් සඳහා වන රුපියල් අගයෙහි සුවිශේෂී ලෙස පහළ යෑමක් පෙරේදා (13 වැනිදා) වාර්තා වූ අතර ඊට හේතු වී ඇත්තේ මහ බැංකුව විසින් වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ට ලිඛිතව ලබා දී ඇති නව මෙහෙයුම් උපදෙස්ය.

එම ලිපිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඉකුත් 12 වැනිදා යවා ඇත.

මේ අනුව විනිමය අනුපාතිකයේ අභ්‍යන්තර අස්ථාවරත්වය කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව මැදිහත්ව තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පෙරේදා ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 364.98 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු සියල්ලක්ම පාහේ ඒ අනුව යමින් ඩොලරයක විකුණුම් මිල රු. 365 ක් ලෙසින් වාර්තා කර තිබුණි. පසුගිය මාර්තු 09 දා සිට ශ්‍රී ලංකා රුපියලේ අගය පා කිරීමට ගත් තීරණයත් සමග විදෙස් මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණයට ලක්විය. එසේම ඉකුත් බදාදා (11 දා) පැවැති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ විනිමය අනුපාතිකයේ අභ්‍යන්තර අස්ථාවරත්වය කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වන බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment