ඩොලරය රු.229.99ට නගී: ඉතිහාසයේ ඉහළම අගය

292

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ඊයේ (08දා) නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.229.99 දක්වා ඉහළ ගොස් තිබේ.

මහ බැංකුවේ නිල විනිමය අනුපාත අගයන් අනුව මෙය ශී‍්‍ර ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇමෙරිකානු ඩොලරයකට සටහන් වූ ඉහළම රුපියල් වටිනාකමයි.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (07දා) රු.202.99ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේදී නිල විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයට ගෙවිය යුතු ශී‍්‍ර ලංකා රුපියල් ගණන රු.27කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල පෙරේදා (07දා) දිනයේ රු.198.50ක් ලෙස වාර්තා වූ අතර එය ඊයේ දිනයේදී රු.225.20 දක්වා ඉහළ ගොස් තිබේ. ශී‍්‍ර ලංකා මහ බැංකුව වහාම කි‍්‍රයාත්මක වන පරිදි විනිමය අනුපාතය ඉහළ නම්‍යශීලීභාවයකින් යුතුව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ සලසන බවට පෙරේදා (07දා) රාති‍්‍ර නිවේදනය කළ අතර ඒ අනුව මෙසේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශී‍්‍ර ලංකා රුපියලේ නව ගැනුම් සහ විකුණුම් අගයන් ඉහළ ගොස් තිබේ. පෙබරවාරියේ විදෙස් සංචිත ඩොලර් මිලියන 2314ට සීමා වෙයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment