ඩොලරය රු. 340ට නඟී

317

වාණිජ බැංකු විසින් ප්‍රකාශයට පත්කර ඇති දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (18) රු.340ක් දක්වා තවදුරටත් ඉහළ  ගියේය.

තවත් බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගයන් රු.340 ට වඩා තරමක් අඩු මට්ටමක තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් මාර්තු 07 වැනිදා රුපියල පා කිරීමට ගත් තීරණය නිසා ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය දිගින් දිගට ම පිරිහෙමින් තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාත අගයන් අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.334.99ක් දක්වා රුපියල් පහකින් ඉහළ ගියේය.

ඉකුත් බදාදා (12) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.329.99ක් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment