ඩොලරය රු. 360 ට

212

වාණිජ බැංකුවල දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (28 දා) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 360 දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇත.

වාණිජ බැංකුවල පෙරේදා දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 355ක් විය.

මේ අතර මහ බැංකුවේ නිල විනිමය අනුපාත අගයන් ඒ අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 354.99 දක්වා තවත් රු.4.00 කින් ඉහළ ගොස් ඇත.

එසේම මහ බැංකුවේ විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල පෙරේදා පැවැති රු. 337.82 සිට රු. 342.16 දක්වා ද ඊයේ ඉහළ ගොස් ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment