ඩොලර් අර්බූදයෙන් රෝහල්වලට ඖෂධ ලබාගැනීමත් ගැටලූවක් වෙලා – වෛද්‍ය නවීන් ද සොයිසා

179

පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබාගැනීම දැඩි ගැටලූවක් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද් නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (28 දා) පැවසීය.

මෙරට රෝහල්වලට අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මේ වනවිටත් හිඟ වී ඇති බවත් එය ඉදිරියේ දී නරකම අතට හැරීමේ ලකුණු පවතින නිසා අඛණ්ඩව ඖෂධ සැපයීමට අවශ්‍ය මුදල් ලබාදීමට රජය ප‍්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදන නිකුත් කර එය සෞඛ්‍ය වෘත්තීය සමිති මර්දනයට පමණක් යොදා ගනිමින් අනෙකුත් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් අමතක කර කි‍්‍රයා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමැතිවරයා කි‍්‍රයා කරන්නේ නම් මෙරට රෝහල් පද්ධතිය දැඩි ලෙස රෝගාතුර වනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

රෝහල්වලට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමට නිසි කළමනාකරණයක් යටතේ මුදල් යෙදවීමට ආණ්ඩුව කි‍්‍රයා කළ යුතු බවත් ඩොලර් අර්බුදය එයට හරස්කර ගතහොත් රෝගී ජනතාව අසරණ වනු ඇති බවත් වෛවෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment