ඩොලර් අර්බූදය නිසා පෞද්ගලික රෝහල්වලටත් බෙහෙත් නෑ

125

පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති  – ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි

වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික රෝහල් ක්‍ෂේත‍්‍රය දැඩි අසීරුතාවකට මුහුණ දී සිටින බව පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පවසයි.

මේ වනවිට පෞද්ගලික රෝහල් සඳහා ඖෂධ සැපයීමේ කි‍්‍රයාවලියේ කාර්යක්‍ෂමතාව පහළ ගොස් ඇති බවත්, මේ හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබාගැනීමේදී ඇතැම්විට දින

ගණනාවක් බලා සිටීමට සිදුවන බවත් ඔහු කියා සිටියේය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රට තුළ මතුවී තිබෙන ඩොලර් අර්බුදය නිසා ඖෂධ සහ වෛi ක්‍ෂේත‍්‍රයට අවශ්‍ය ද්‍රව්‍යවල මිල දිනෙන් දින ඉහළ යෑම පෞද්ගලික රෝහල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවය. සෞඛ්‍ය පරීක්‍ෂණ සහ සේවාවන්හි මිල ඉහළ දැමීමට සංගමයක් ලෙස මේ වනවිට කිසිදු තීරණයක් ගෙන නොමැති වුවද අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් එම සේවාවන් සඳහා මිල පාලනයක් සිදුකිරීම ද කළ නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය මෙම අසීරු වාතාවරණය යටතේ වුවද

රෝගීන්ට හැකි උපරිම ආකාරයෙන් සහන ලබා දෙන ලෙස සංගමය සිය සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙරට පෞද්ගලික රෝහල් ක්‍ෂේත‍්‍රය තුළ දැඩි පුහුණු සේවක හිඟයක් පවතින බව පැවසූ සභාපතිවරයා ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් තම සංගමය පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය රජයේ පාර්ශ්වයෙන් හිමිවන්නේ නම් සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ පවතින පුහුණු සේවක හිඟය අවසන් කිරීමට පමණක් නොව එම පුහුණු වෘත්තිකයන් විදේශ රැුකියා සඳහා යොමු කිරීම තුළින් රටට විදේශ විනිමය විශාල වශයෙන් ගෙන්වා ගැනීමේ හැකියාවද පවතින බව වැඩිදුරටත් සඳහන් කළේය.

තම සංගමය පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ ආයතනය සමග එක්ව පුහුණු සෞඛ්‍ය වෘත්තිකයන් බිහිකිරීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් කි‍්‍රයාත්මක කරන බවත් එම කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා රජයේ බලධාරීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් කුරුප්පුආරච්චි මහතා පැවසීය.

තුෂාර අතපත්තු
 

advertistmentadvertistment
advertistmentadvertistment