ඩොලර් අවුලට ඩයස්පෝරාවත් හවුල්!

927

ශ‍්‍රී ලංකාවේ ඩොලර් සංචිතය බරපතළ ලෙස පහත වැටී ඇත්තේ කොටි ඩයස් පෝරාව රටවල් 10ක තම ඒජන්තවරුන් හරහා ක‍්‍රියාත්මක කරන උන්ඩියල් නමැති මුදල් හුවමාරු ජාවාරම නිසා බව අනාවරණය වී ඇත.

මෙම උන්ඩියල් හෙවත් වැඩි මිලකට ඩොලර් හා යුරෝ මිලයට ගන්නා ඒජන්තවරු බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, කැනඩාව, ජර්මනිය සහ මැද පෙරදිග රටවල ක‍්‍රියාත්මක වෙයි. බැංකු මගින් ඩොලර් මාරුකරනු වෙනුවට උන්ඩියල් මුදල් හුවමාරුව ඔස්සේ වැඩි මුදලක් ලබාදීමට ඒජන්තවරු ක‍්‍රියා කරති.

මේ උන්ඩියල් ඒජන්තවරු පවුලේ අයට ඔවුන් සිටින නිවාසවලටම ගොස් මුදල් ලබා දෙනවා යැයි ආරංචි මාර්ග පැවසීය.

උන්ඩියල් ජාවාරමේ ප‍්‍රධාන කේන්ද්‍රස්ථානය ලන්ඩන් සහ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment