ඩොලර් අවුල ලිහන්න මහ බැංකු මහ බැංකු කතා

508

අසල්වැසි රටවල මහ බැංකු සමග විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට අදාළ ගිවිසුම් කඩිනම් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව විශේෂයෙන් ඉන්දියානු සංචිත බැංකුව, චීන මහජන බැංකුව සහ මැදපෙරදිග මහ බැංකු කිහිපයක් සමග මේ සාකච්ඡා පැවැත්වෙන බවද මහ බැංකුව පවසයි.

විදේශ විනිමය ලැබීම් සුරක්ෂිත කිරීමේ ප‍්‍රගතිය ගැන කරුණු පැහැදිලි කරන ශී‍්‍ර ලංකා මහ බැංකුව මෙසේද පවසයි.

සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්මෙහි ප‍්‍රකාශයට පත්කළ පරිදි විදේශ විනිමය ලැබීම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව සහ රජය ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව ශී‍්‍ර ලංකා මහ බැංකුව පහත සඳහන් තොරතුරු ආයෝජකයන් සහ සාමාන්‍ය ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරයි.

ශී‍්‍ර ලංකා මහ බැංකුව සහ රජය, වෙනත් රජයන්, මහ බැංකු මූල්‍ය ආයතන සහ ආයෝජකයන් සමග ඍජු නියැලීම් මාලාවක් ආරම්භ කර ඇත.

ඌන උපයෝජිත සහ/හෝ උපාය මාර්ගික නොවන වත්කම්වලින් මුදල් රැුස් කිරීමේ කටයුතුවලට අදාළව සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹ ඇත. චාමර්ස් භූමිය හා වන් ගෝල් ෆේස් සංකීර්ණය පිටුපස ඇති දේපළ සම්බන්ධ එකඟතාවන්ට අදාළව පමණක් අපේක්‍ෂිත ලැබීම් එ.ජ. ඩොලර් මිලියන 200ක් පමණ වන අතර ඒ සඳහා අත්තිකාරම් ගෙවීමක් නුදුරේදී ම අපේක්‍ෂා කෙරේ. ආයෝජනය පිළිබඳ විස්තර ඉදිරි සතිවල දී ප‍්‍රකාශයට පත් කරනු ඇත.

මීට අමතරව කොළඹ වරායේ බටහිර බහලූම් පර්යන්තය සඳහා වන එ.ජ. ඩොලර් මිලියන 650ක ආයෝජනයට අදාළ කටයුතු ඉන්දියානු අදානි සමූහ ව්‍යාපාරය, ශී‍්‍ර ලංකා පාර්ශ්වකරු ලෙස ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සහ ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය මෑතකදී අවසන් කර ඇත. බලශක්ති සංයුතියට ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී.) එකතු කරමින් ශී‍්‍ර ලංකාවේ බලශක්ති ක්‍ෂේත‍්‍රය පරිවර්තනීය වෙනසක් සිදු කෙරෙන තවත් ප‍්‍රධාන විදේශීය ආයෝජනයක් වන ඇමෙරිකානු නිව් ෆෝට‍්‍රස් එනර්ජි සමාගම විසින් වෙස්ට් කෝස්ට් විදුලි බලාගාරයේ කොටසක් වෙනුවෙන් සිදු කරනු ලබන ආයෝජනයන්ට අදාළව එ.ජ. ඩොලර් මිලියන 250ක ලැබීමක් සිදුවන අතර, එම ආයෝජනයේ පළමු වාරිකය 2021 වසරේ නොවැම්බර්/දෙසැම්බර් මාසවලදී අපේක්‍ෂා කෙරේ.

අසල්වැසි මහ බැංකු සමඟ විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට අදාළ ගිවිසුම් කඩිනම් කිරීම සඳහා ද සාකච්ඡුා පැවැත්වේ. විශේෂයෙන්ම ඉන්දියානු සංචිත බැංකුව, චීන මහජන බැංකුව සහ මැදපෙරදිග මහ බැංකු කිහිපයක් සමඟ සාකච්ඡුා කරමින් පවතී.

මේ අතර විදේශ රජයකට අනුබද්ධ ආයතනයකින් එ.ජ. ඩොලර් බිලියන 1.5ක දිගුකාලීන ණය පිරිනැමීමකට අදාළ කටයුතු ශී‍්‍ර ලංකා රජය විසින් සිදු කරගෙන යනු ලබයි. රජය විසින් සිදු කරන ලද ඒකාබද්ධ ණය පහසුකම වෙනුවෙන් කළ යෝජනා කැඳවීම්වලට ප‍්‍රතිචාර වශයෙන් යෝජනා කිහිපයක් ද ලැබී ඇති අතර, ඒ පිළිබඳ කටයුතු දැනට සිදු කෙරෙමින් පවතී,

මෑත කාලයේදී කැපී පෙනෙන ප‍්‍රගතියක් පෙන්නුම් කළ අනෙකුත් අංශ මෙසේය.

අ* 2021 වසරේ ජුනි-සැප්තැම්බර් කාලය තුළ අපනයන ඉපැයීම් මාසිකව එ.ජ. ඩොලර් බිලියන 1 ඉක්මවා යාම සහ 2021 වසරේ ඔක්තෝබර් මාසය තුළ අපනයන ආදායම ආපසු මෙරටට ගෙන්වා ගැනීමේ හා ශී‍්‍ර ලංකා රුපියල්වලට හැරවීමේ කැපී පෙනෙන වර්ධනය.

ආ* ශ‍්‍රම සංක‍්‍රමණය, විශේෂයෙන් මැදපෙරදිග වෙත, ශීඝ‍්‍රයෙන් ඉහළ යෑම.

ඇ* මාසික ලක්ෂ්‍යමය පදනම මත සංචාරක පැමිණීම්වල කැපී පෙනෙන වර්ධනයත් සමඟ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වීමේ කි‍්‍රයාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑම, සහ

ඈ* මැදපෙරදිග සහ අනෙකුත් කලාපීය ආර්ථිකයන් සමග ඛනිජ තෙල් සම්බන්ධ ණය පහසුකම පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීම මෙහි එ.ජ. ඩොලර් මිලියන 500ක ඉන්දියානු ණය පහසුකමක් සහ දැනට සාකච්ඡුා වෙමින් පවතින එ.ජ. ඩොලර් බිලියන 3.6ක දිගුකාලීන ණය පහසුකමක් ඇතුළත් වේ.

දේශීය වෙළෙඳපොළ තුළ රාජ්‍ය සුරැුකුම්පත් මත ඵලදා අනුපාතික ඉහළ යෑමට ඉඩ ලබාදී ඇති අතර, එමගින් රජයේ අරමුදල් අවශ්‍යතාවය මූල්‍යනය කිරීම සඳහා මහ බැංකුවට ඇති පීඩනය ලිහිල් වේ. වෙළෙඳපොළ සමතුලිතතාවය බොහෝ දුරට ළඟා කරගෙන ඇති බව සතිපතා රාජ්‍ය සුරැුකුම්පත් වෙන්දේසියේ දී ආයෝජකයන්ගේ හැසිරීමෙන් පෙන්නුම් කරන අතර, පොලී අනුපාතිකවල ඉහළ ස්ථාවරත්වයක් ඉදිරි කාලය තුළ නිරීක්‍ෂණය වනු ඇත.

පෞද්ගලික අංශය වෙත ලැබෙන ණය ප‍්‍රවාහ මෙන්ම කොටස් වෙළෙඳපොළේ හැසිරීම් මගින් පෙන්නුම් කරන පරිදි ආර්ථිකයේ දේශීය ආයෝජන ඉහළ ගොස් ඇත. ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලූ කොටස් මිල දර්ශකය :්ීඡුෂ* ඒකක 10,000 සීමාව ඉක්මවා ගොස් ඇත. 2021 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වන මාස අට තුළදී බලපත‍්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ඉහළ යෑම රුපියල් බිලියන 625ක් විය. මෙම ප‍්‍රවණතා මගින් 2021 වසරේ දී ආර්ථික වර්ධනය සියයට 5කට ආසන්න මට්ටමක් ළඟාකර ගැනීමට හැකිවනු ඇති බව පෙන්නුම් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment