ඩොලර් නැතිව තිරිඟු පිටිත් නැත්තටම නැතිවීමේ අවදානමක්

125

තිරිඟු පිටි ආනයනය සඳහා මාසයකට ඇමරිකානු ඩොලර් මිලියන තිස්පහක් පමණ අවශ්‍යවන අතර ඩොලර් නොමැතිකම නිසා ලබන මාසය වනවිට තිරිඟුපිටි නැත්තට ම නැතිවී යෑමට ඉඩ ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ ට පැවසීය.

මේ වනවිට රටේ ආපනශාලා සහ බේකරි සියයට පනහක් පමණ වැසීගොස් ඇතැයි ද ඒ මහතා කීය.

ඊට හේතුව කුඩා බේකරි සහ ආපනශාලා වලට අවශ්‍ය තිරිඟුපිටි මිලදී ගැනීමට වෙළෙඳපොළේ පිටි නොමැතිකම යැයි ද ඒ මහතා පැවසීය.

මෙරටට පිටි ආනයනය කරන ප‍්‍රධාන සමාගම් දෙකක් තොග මිලදී ගන්නා පිරිසට පමණක් දැනට පිටි ලබා

ගැනීමට හැකියාව තිබෙන මුත් ලබන මාසය වනවිට බරපතළ පිටි හිඟයක් ඇතිවනු ඇතැයි සමාගම් නියෝජිතයන් දැනුම් දී ඇතැයි ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment