ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 8ක් මුහුදේ

274

බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් අඩංගු නැවකට මුදල් ගෙවාගත නොහැකිව දින 08 ක් තිස්සේ මෙරට මුහුදු සීමාවේ නවතා තබාගෙන ඇතැයි වාර්තා වේ.

ඌරල් සමාගමට අයත් මෙම නෞකාව පසුගිය අගෝස්තු 23 වැනිදා මෙරටට පැමිණ ඇති අතර එම නෞකාවට මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 75,000 ක් ගෙවීමට සිදුවී ඇතැයි ද තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.

කොරල් එනර්ජි සමාගම විසින් මෙරටට ගෙනඒමට නියමිතව තිබූ බොරතෙල් මෙටි්‍රක් ටොන් 128,000 වෙනුවට මෙම ඌරල් නැව පැමිණ තිබේ.

මෙම ඌරල් නැවේ බොරතෙල් පිරිපහදු කිරීමේදී සියයට 52 ක් කළු තෙල් ද, සියයට 21 ක් ඩීසල් හා සියයට 12 ක් පෙට්‍රල් ද ලැබෙන බව එම ආරංචි මාර්ග කියා සිටී. මෙම බොරතෙල්වල ඝනත්වය වැඩිවීම නිසා වසර 50කට වඩා පැරණි පිරිපහදුව මගින් පිරිපහදු කිරීමට යෑමෙන් පිරිපහදුවේ ආරක්‍ෂාවට තර්ජනයක් බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment