ඩොලර් නැතිව බොර තෙල් නැවක් දින 20 ක් මුහුදේ

113

මුදල් ගෙවා ගැනීමේ අපහසුතාව නිසා බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් (100,000) රැගත් නැවක් දින 20 ක සිට කොළඹ වරාය ආසන්නයේ රැඳී සිටී.

ඇමරිකන් ඩොලර් මිලියන 80 ක පමණ වටිනාකමින් යුත් බොරතෙල් නැවට මුදල් ගෙවීමේ අපහසුව නිසා දෛනිකව ඇමරිකන් ඩොලර් 50,000 ක පමණ මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුවන බව තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය සිකුරාදා (30 දා) සිට වසා තිබේ. පිරිපහදුව වසා දැමීම නිසා දැවිතෙල්, ගුවන් යානා ඉන්ධන, භූමිතෙල්, ගෑස් ඇතුළු අතුරු නිෂ්පාදන ඇනහිටීම නිසා ඒවා ආනයනය කිරීමට ද සිදුවනු ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment