ඩොලර් නැති අල්ලපනල්ලේ කෆීර් 4 ක් අලුත්වැඩියා කරලා

462

මෙරට ඩොලර් සංචිතය බරපතළ ලෙස පහත වැටී ඇති අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය මත කෆීර් ප්‍රහාරක යානා 4ක් අලුත්වැඩියා කිරීමට ඩොලර් බිලියන 20 ක් ඊශ්‍රායල් එයාක්‍රාෆ්ට් ඉන්ඩස්ට්‍රීස් සමාගමට ගෙවීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.

එහෙත් මෙම යානා අලුත්වැඩියාව සිදුවන්නේ කටුනායක ගුවන් හමුදා කඳවුරු අංගණයේ බව හෙළිවී තිබේ.

කෆීර් යානා අලුත්වැඩියාව ඊශ්‍රායලයේ සිදුවිය යුතු අතර ඒ සඳහා ඊශ්‍රායල් ඉංජිනේරුවරයකු පමණක් මෙරටට පැමිණ ගුවන් හමුදා තාක්ෂණික ශිල්පීන්ට උපදෙස් දෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment