ඩොලර් නැති වුණොත් බෙහෙතුත් නැතිවෙයි?

326

පොහොර, කිරිපිටි මාෆියාවට භය නැති ඖෂධ මාෆියාවට භය වෛද්‍යවරුන්ගේ ඇත්ත කතාව

කෑම පිඟානකට සෞඛ්‍ය සේවය පවාදෙන වෘත්තීය සමිති නිරුවත

නිලධාරීවාදය දුගී ජනතාව බිලි ගන්නා හැටි

ඩොලර් අර්බුදය මැද මෙරට ජනතාව ඖෂධ මාෆියාවෙන් බැට කන හැටි…හෙවත් DOCTORS, DRUGS AND DINNERS

2006 ජිනීවා ලෝක වෛද්‍ය සම්මේලන ප‍්‍රඥාප්තියට අනුව වෛද්‍යවරයකුගේ පරම උත්සහය සහ ප‍්‍රාර්ථනාව තම රෝගියාට සුවය උදාකිරීමයි. අවංකව හා විශ්වසනීය ලෙස තම සේවය රෝගීන්ට ලබාදීමට වෛද්‍යවරුන් බැඳී සිටියි. එහෙත් කුමන හෝ හේතුවක් නිසා වෛද්‍ය වෘත්්තිය ඖෂධ වෙළෙඳපොළට අවශ්‍ය ලෙස පාලනය වන තත්ත්වයක් නිර්මාණය වී පවතියි. මෙම ලිපියේ අරමුණ වෛද්‍ය වෘත්්තිය මේ අන්දමට ඖෂධ වෙළෙඳපොළට නතුවීමේ පසුබිම හා එහි වගඋත්තරකරුවන් සොයා යෑමයි.

නිදහස් සෞඛ්‍ය සේවයක් ක‍්‍රියාත්මක වන රටවල් අතර ශ‍්‍රී ලංකාවට ඉතා ඉහළ ස්ථානයක් හිමි වී ඇත. මේ අතර රජයේ රෝහල් වලින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට නොමිලේ ලබාදෙන ඖෂධ සඳහා ඉතා ඉහළ පිරිවැයක් වැය කිරීමට රජයට සිදුවී ඇත. වසරින් වසර ඖෂධ සඳහා වෙන්කළ යුතු වන මුදල් ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතී.

වසරකට රජය ඖෂධ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 3000 කට ආසන්න අතර මේ වන විට එම මුදල රුපියල් මිලියන 6000 ක් 8000ක් වැනි ඉතා ඉහළ අගයකට පත්වෙමින් පවතී. මෙය ඉතා ඉහළ වියදමක් බව පැවසිය හැක. රජයේ රෝහල්වල නව වෛද්‍ය ඒකක ආරම්භ කිරීම” බෝ වන රෝග වෙනුවට දියවැඩියාව අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැළඳීමේ ප‍්‍රවණතාව ඉහළ යෑම සහ ජනතාවට සපයන සෞඛ්‍ය සේවාවන් පුළුල් වීම මේ කෙරෙහි හේතු වී ඇත.

ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය රටේ ඖෂධ ක්ෂේත‍්‍රයට බලපෑම් කිරීමට පටන් ගෙන ඇති අතර, ආනයනය සඳහා ණයවර ලිපි (LCs) විවෘත කිරීමට බැංකු විසින් ප‍්‍රමුඛත්වය ලබා දුන් බව යි. මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සාමාන්‍යාධිකාරී දිනූෂා දසනායක මහත්මිය පුවත් පත් සමග අදහස් දක්වමින් කියා සිටියේ විදේශ විනිමය අර්බුදය තවත් අංශ කිහිපයකට මෙන්ම ඖෂධ ආනයනයටද බලපෑම් කිරීමට පටන් ගෙන ඇති බැවින් ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදන ලැයිස්තුවට ප‍්‍රමුඛත්වය දී ඇති බවයි. SPC විසින් අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදන, විශේෂයෙන්ම බෝ නොවන රෝග සඳහා ප‍්‍රතිස්ථාපනය කළ නොහැකි ඖෂධ වර්ගීකරණය කර ඇත. නිදසුනක් වශයෙන් ඉන්සියුලින් නොමැතිව දියවැඩියාව පාලනය කිරීම අපහසු බැවින් ඉන්සියුලින් අත්‍යවශය ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

කැප්සියුල සහ ටැබ්ලට් ආනයනය කරන තවත් පුද්ගලික ආනයනකරුවන් පවසන පරිදි මෑතක සිට බැංකු හරහා LC විවෘත කිරීමට ඔවුන් අරගල කරන විට විදේශ විනිමය ප‍්‍රශ්නය ඔවුන්ගේ ප‍්‍රධාන අවධානයට ලක්ව ඇති බවයි.

ශ‍්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය පවසන පරිදි දේශීය ඖෂධ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට දේශීය නිෂ්පාදකයන් ද අරගල කරන බවයි. රජය විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් වීමත් සමඟ ජනතාව රෝහල් වෙත ගොස් සැලසුම් සහගත සැත්කම් සිදුවෙමින් පවතින බැවින් ඖෂධ සඳහා පසුගිය කාලයේ වැඩි ඉල්ලූමක් ඇති වී ඇත. දේශීය නිෂ්පාදකයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ නිෂ්පාදන 100 කට අධික ප‍්‍රමාණයක් සපයන අතර, ප‍්‍රධාන වශයෙන් මාත‍්‍රා ආකාරයෙන් කරල්, පෙති සහ සිරප් ඇතුළත් වන බවත් ඉන්ට‍්‍රාවේනස් (IV) එන්නත් කළ හැකි නිෂ්පාදන සපයන එක් සමාගමක් ඇත.

SLPMA හි සාමාජිකයන් 20 දෙනාගෙන් සාමාජිකයන් 13 දෙනකු රජය සමඟ මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් කර ඇති අතර, එය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා වසර 15 සහ 10 ගිවිසුම් ඇතිව ඖෂධ නිෂ්පාදන සපයයි. පිළිවෙලින් ශ‍්‍රී ලංකාව වාර්ෂිකව ඖෂධ ඉල්ලූමෙන් 85% ක් පමණ ආනයනය කරන අතර ඉල්ලූමෙන් 15% ක් පමණක් දේශීය නිෂ්පාදකයන් විසින් සපයනු ලැබේ. ශ‍්‍රී ලංකා මහ බැංකුවට (CBSL) අනුව 2021 වසරේ වෛද්‍ය සහ ඖෂධ ආනයනය සඳහා රට මසකට ඩොලර් මිලියන 70 ක සාමාන්‍යයක් වැය කර ඇත. 2021 සැප්තැම්බර් වන විට වෛද්‍ය සහ ඖෂධ ආනයනය සඳහා රට ඩොලර් මිලියන 640ක් වැය කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලය තුළ වියදම් කළ මුදලට වඩා 45%ක වැඩිවීමකි. ශ‍්‍රී ලංකාව කලාපයේ ප‍්‍රමුඛතම වෛද්‍ය සහ ඖෂධ ආනයනකරුවා වන අතර වාර්ෂිකව ඩොලර් මිලියන 630 කට අධික මුදලක් වැය කරන අතර, ඖෂධ කලාප සහ දේශීය නිෂ්පාදකයන්ට ලබා දී ඇති මිලදී ගැනීමේ ගිවිසුම් හරහා 2023 වන විට එය 50% කින් අඩු කිරීමට රජය අදහස් කරයි. පාරිභෝගික රෝගී ජනතාව හැකි සෑමවිටම විශ්වාසය තබන්නේ තමාට වෛද්‍ය ප‍්‍රතිකාර සිදුකරන වෛද්‍යවරයා කෙරෙහිය. ඒ පිටුපස පවතින යථාර්ථය පෙනෙන දෙයට වඩා බොහෝ සෙයින් වෙනස්ය. ප‍්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් දත්ත පෙන්වා දෙන පරිදි ඖෂධ සමාගම් අනෙක් සියලූම වෙළෙඳ ප‍්‍රජාවට වඩා තම ප‍්‍රචාරණය සඳහා මුදල් වියදම් කරයි. කෙසේ වුවත් මෙම වෙළෙඳ ප‍්‍රචාරණයේ විශේෂත්වය සෘජු පාරිභෝගික රෝගී ජනතාව (Direct to consumer advertising) හෙවත් DTCA වෙනුවට අතරමැදි වෛද්‍යවරුන් ඉලක්ක කර ගැනීමයි. මෙයට අමතරව ඖෂධ සම්බන්ධව වෙළෙඳ ප‍්‍රචාරණ දැන්වීම් පැතිරීමද බොහෝ රටවල නීතියෙන් තහනම්ය. මේ නිසා Doctor – directed promotion හෙවත් වෛද්‍යවරුන් මෙහි ප‍්‍රධාන ඉලක්කයයි.

ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන අන්දමට 2005 වසර වන විට ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් එක් පුද්ගලයකු වෙනුවෙන් වාර්ෂිකව සෞඛ්‍ය වෙනුවෙන් වැය කරන මුදල ඇ. ඩොලර් 3727 කි. මධ්‍යම ආර්ථික රටවල මෙම අගය ඩොලර් 141 වන අතර පහළ ආර්ථික පසුබිමක් සහිත රටවල එය ඩොලර් 24 කි. මේ අනුව සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ මුදල ඉතා ඵලදායී ලෙස යොදාගත යුතුය. ඖෂධ සමාගම්වල ඖෂධ ප‍්‍රචාරක වැඩසටහන් මඟින් මෙය ඉෂ්ට නොවෙයි.

ඩොලර් නැති වුණොත් බෙහෙතුත් නැතිවෙයි?

මේ අතර අලූතින් වෙළෙඳපොළට නිකුත්කරන බව පවසන බොහෝ ඖෂධ වර්ග නව ඖෂධ නොව මීට පෙර වෙළෙඳපොළේ පැවති ඖෂධම විවිධ නාමයන්ගෙන් පැමිණීමක් ලෙස දැක්විය හැකිය. වෙළෙඳපොළට කොතෙක් නව ඖෂධ වර්ග පැමිණියද ඒවායේ පැවැත්ම තාවකාලික වීම මෙයට නිදසුනකි. බි‍්‍රතාන්‍ය වෛද්‍ය සඟරාවක් (BMJ) මඟින් කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ වෙළෙඳපොළට නිකුත්වන විවිධ නව ඖෂධ වර්ගවලින් සත්‍ය ලෙසට පෙරළියක් සිදු කරන්නේ 5% ප‍්‍රමාණයකි.

වෛද්‍ය පර්යේෂණවලද ප‍්‍රධාන අරමුණු වැඩි වශයෙන් අලෙවි වන ඖෂධ සම්බන්ධව මිස ජනතාව වැඩි වශයෙන් පීඩා විඳින රෝගාබාධ මැඩලීමට නොවෙයි. මෙය දිළිඳු රටවලට මෙන්ම සංවර්ධිත රටවලටද එකසේ බලපායි. නිසි පරිදි සෞඛ්‍ය සේවා සපයා ගැනීමට දායකත්වය සැපයිය හැකි නම් මේ වන විට ලොව පුරා මිලියන 10.5 ක ප‍්‍රමාණයක ජීවිත බේරාගත හැකිය. මින් මිලියන 04 ක ප‍්‍රමාණයක් අයත්වන්නේ අප‍්‍රිකාව සහ අග්නිදිග ආසියා කලාපීය ජනතාවයි. කෙසේ වුවත් ලොව පුරා ඖෂධ සමාගම් සංවර්ධනය වෙමින් පවතින රටවල්වල සිටින බොහෝ ජනතාව සම්බන්ධව නිසි අවබෝධයක් හෝ අවධානයක් ඖෂධ නිපදවීමේදී සිදුනොකරන බව පෙනී යයි. ඇතැම් ප‍්‍රධාන පෙළේ රෝගාබාධවලට නිසි පරිදි ඖෂධීය ප‍්‍රතිකාර නොමැත්තේ මේ නිසාය.

වඩා වැදගත් ඖෂධ නිපදවීම වෙනුවට ඉහළ වෙළෙඳ ඉල්ලූමක් පවතින ඖෂධ නිපදවීමට ඖෂධ සමාගම් උනන්දුවීම නතර කිරීමට ප‍්‍රමාණවත් තරම් පාලන යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණකි. මෙවැනි පාලන යාන්ත‍්‍රණයක් නොමැතිවුවද මීට වඩා අහිංසක ජනතාව දෙස සානුකම්පිත බැල්මක් යොමු කිරීමට ඖෂධ සමාගම් උනන්දු විය යුතුය. ඖෂධ සමාගම වඩා විනිවිද පෙනෙන ලෙස ක‍්‍රියා කළ යුතුය.

වර්ෂ 2006 පමණ වන විට ලොව පුරා ඖෂධ කර්මාන්තයේ මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 643 ක් පමණ විය. මින් 40% ඖෂධ වෙළෙඳාමට හිමිකම් කියන ලද්දේ ප‍්‍රධාන පෙළේ ඖෂධ සමාගම් 10 ක් විසිනි. මෙම ඖෂධ සමාගම්වල විශාලත්වය සහ අත්දැකීම්” සමඟ ලෝක ඖෂධ වෙළෙඳාමට එල්ල කරන බලපෑම ආදිය ඉතා ඉහළ ඒකාධිකාරයක පවතියි.

ඖෂධ සමාගම් වලින් කොතෙක් නව ඖෂධ වෙළෙඳපොළට නිකුත් වුවද ඒවායේ ආදායම බහුල වශයෙන් රඳා පවතින්නේ වසර පහකට අධික කාල සීමාවක් පුරා වෙළෙඳපොළේ සැරිසරන ඖෂධ හරහාය. 2009 වසර වන විට ප‍්‍රධාන පෙළේ ඖෂධ වර්ග 12 කට ආසන්න ප‍්‍රමාණයකටත් පේටන්ට් බලපත‍්‍රය අහිමි වී ඇත. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඖෂධ සමාගම්වල ආදායම 14% ත්් 41% අතර ප‍්‍රමාණයකින් අඩුවී ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් වැයකරන මුදල් ප‍්‍රමාණය අඩුවීම නිසා එය ඖෂධ සමාගම්වලට මේ රටවල වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන්ට තම ග‍්‍රහණයට නතුකර ගැනීම පහසු වී ඇත.

ඖෂධ ප‍්‍රචාරණයේ ප‍්‍රධාන අරමුණ තමන්ගේ ඖෂධ වෙතට වැඩි වැඩියෙන් ජනතාව නැඹුරු කර ගැනීමයි. මේ සඳහා උපාය මාර්ග කිහිපයක්ම අනුගමනය කරනු ලැබේ.

ඖෂධ සමාගම් විවිධ වෛද්‍යවරුනට අනුග‍්‍රහ දක්වන ආකාරයද විවිධ වෙයි. ඖෂධ ප‍්‍රචාරණයද වෙනස් වෙයි. තමන්ගේ අනුග‍්‍රහය දක්වන විවිධ පර්යේෂණ පත‍්‍රිකා ප‍්‍රචාරණය අන්තර්ජාලය හා වෛද්‍ය විද්‍යාත්මක ග‍්‍රන්ථ සඳහා අනුග‍්‍රහය දැක්වීම මෙහි ප‍්‍රධාන වෙයි. ඇතැම් පෞද්ගලික රෝහල් සහ චැනලින් සේවා වල සියලූ ප‍්‍රාග්ධන වියදම විදුලි බිල් ආදිය ගෙවා දමන්නේ මෙම සමාගම් විසිනි.

දෙවන අදියර පුද්ගලිකව වෛද්‍යවරුන් හමුවී වෙළෙඳ ප‍්‍රචාරණයේ යෙදීමයි. වෛද්‍ය විද්‍යාත්මක සම්මන්ත‍්‍රණ සඳහා මේ අන්දමට අනුග‍්‍රහය දක්වයි. තෙවන අදියර තෑගි හෝ සහතික ලබාදීමය. අනෙක් ප‍්‍රධාන උපාය අධ්‍යයන කටයුතු සඳහා අනුග‍්‍රහය දැක්වීමය. මෙහිදී වෛද්‍ය ප‍්‍රදර්ශන පශ්චාත් උපාධි අධ්‍යයන, සඟරා සමාජ (Journal clubs) සඟරා ලබාදීම, ගමන් වියදම්, ආහාර, පවුලේ විනෝද සවාරි, තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා උපකාරීවන ඇඳ, පුටු, අල්මාරි, රූපවාහිනි හා මුද්‍රණ යන්ත‍්‍ර ආදිය ලබාදීම අයත් වෙයි. විශේෂඥ වෛද්‍යවරයාට විදේශ සංචාර ලැබෙන විට ගමේ දොස්තර මහතාට ලැබෙන්නේ පෑනක් පමනක් බවද අප සිහියේ තබා ගත යුතුය.

ඖෂධ ප‍්‍රචාරණයේ ප‍්‍රධාන ඉලක්කය වෛද්‍යවරුන්ය. මෙය Direct to doctor (DTD) ලෙස හඳුන්වා දිය හැකිය. මේ තත්ත්වය සංවර්ධනය වෙමින් පවතින රටවල මෙන්ම සංවර්ධිත රටවලද සුලභ තත්ත්වයකි. මේ අතරින් සංවර්ධනය වෙමින් පවතින රටවල මේ අවධානය ඉහළ අගයක් ගනියි. වෛද්‍ය වෘත්තිය කෙරෙහි රජයෙන් කුඩම්මාගේ සැලකිලි ලැබෙන විට මෙම වෛද්‍ය වෘත්තිකයට තමන්ගේ පැවැත්ම උදෙසා වෛද්‍ය වෘත්තිය වාණිජකරණයේ යෙදවීමට සිදුවන්නේ නිතැතින්ය.

නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල්වල බිත්තිවල සායම් ආලේප කරන්නේද ඖෂධ සමාගම් නියෝජිත්යන්ගේ ආධාර වලිනි. ළමා රෝග වාට්ටු, වෛද්‍ය නේවාසිකාගාර වෛද්‍යවරුන්ගේ පුස්තකාල පොත්පත්, ඇඳපුටු, මේස, රූපවාහිනි සියල්ල ලැබෙනුයේ ඖෂධ සමාගම්වල ආධාරයෙනි. ප‍්‍රාදේශීය වෛද්‍ය සම්මන්ත‍්‍රණ (Clinical meetings) පවත්වන්නේද ඔවුන්ගේ උපකාරයෙනි. මේ කිසිවකට වෛද්‍යවරුනට පමණක් ඇඟිල්ල දික් කළ නොහැකිය.

ඖෂධ සමාගම්වල ප‍්‍රධාන ඉලක්කය පාරිභෝගී රෝගී ජනතාව සතුටු කිරීම නොව අතරමැදි වෛද්‍ය ප‍්‍රජාව සතුටු සිතින් තැබීමටය. විදේශ ආධාර සුඛෝපභෝගී රාජ භෝජන, වාහනයට පෙට‍්‍රල්, කොක්ටේල් පාටි ලැබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි.

වෛද්‍ය සදාචාරය පිළිබඳ ගැටුම මතුවන්නේ මෙම අවස්ථාවේදීය. මේ අන්දමට වෛද්‍යවරුන් ඖෂධ සමාගම් ඉදිරියේ විකිණීයෑම වෛද්‍යවරයා සහ රෝගියා අතර වන සම්බන්ධතාවය විශ්වාසය පලදුවී යෑමට හේතු වෙයි. මේ තත්ත්වය ඒක පාර්ශ්වීය ප‍්‍රචාරණයක් වන අතර සමාන්‍ය වෛද්‍ය වෘත්තිකයන්ගේ කි‍්‍රයාදාමයන් අභියෝගයට ලක් කර ගැනීමක්ද සිදුකරයි. අනෙක් අතට මෙය රටවල ආර්ථිකයට ද සෘණාත්මකව බලපායි.

ජනතාවට ඖෂධ සම්බන්ධව සත්‍ය තොරතුරු එළි කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල මේ සම්බන්ධව වැඩි අවධානයක හා වඩා පුළුල් ලෙස සිදුකළ යුතුය. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අනවශ්‍ය ලෙස ඖෂධ ප‍්‍රචාරණයට රජයට ලබා දෙන තෑගි, මුදල් ආදිය සීමා කිරීමට කටයුතු කළ යුතුය.

ජනතාවට ඖෂධ සම්බන්ධ තොරතුරු ස්වාධීන ලෙස ගලායෑමට අවශ්‍යතාව සැලසිය යුතුය. ඖෂධ සමාගම්වල ඒකාධිකාරියේහි යෙදී රජයත් දෑදස් සහ දෑත් බැඳ සිටින ප‍්‍රතිපත්තිය ඉවත ලිය යුතුය. දැනට ක‍්‍රියාත්මක වනවාට වඩා පුළුල් ලෙස සමාජ මැදිහත්් වීම මේ සඳහා සිදුකළ යුතුය. මෙහිදී ඖෂධ නීතිගත කිරීම ඖෂධ බෙදීයෑම පාලනය, ඵලදායි ලෙස සිදුකිරීම හා නව උපායන් සැකසීම (Implement/ improve,/ monitor/legisleation) කළ යුතුය.

රෝගීන්ට මෙන්ම සෞඛ්‍ය අංශයේ නිරතවූවන්ට ස්වධීන ලෙස තොරතුරු ගලා යෑමට අවස්ථාව සැලසිය යුතුය. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ස්වාධීන නිලධාරීන්ට ඖෂධ සමාගම්වලින් වරපප‍්‍රසාද හිමිවීම පාළනය කළ යුතුය. ඖෂධ සමාගම්වල සියලූ ක‍්‍රියාවන් මත පාරදෘෂ්‍යතාවයකින් යුක්තව සිදුවිය යුතුය. ඖෂධ සම්බන්ධව ප‍්‍රතිපත්ති සකස් කිරීමේදී මේ සියලූ කරුණු සම්බන්ධව වඩා විමසිලිවත්ම කටයුතු කළ යුතුය. එසේ නොවුන හොත් තවත් නොබෝ දිනකින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට පාපතරයන්ගේ අණසකට යටත් වූ යුගය උදාවනු ඇත. මෙය රෝගීන්ට සුවයට නොව මරණයට අත වැනීමට වුව හොත් එය අවධානාත්මකතාවකි.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
(MBBS:MSC:MD:MBA:MPA:DIP’MSC: DLAW)
රෝහල් පරිපාලනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී – සෞඛ්‍ය අමාත්‍යාංශය

advertistmentadvertistment
advertistmentadvertistment